Field Note Sketch & Scientific Illustration කියන්නෙ මොනවද..?

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field note කියන්නෙ ගවේශකයෙකුට, විද්‍යාඥ්ඥයකුට... ඔහුගෙ ගවේශනයන් තුල හමුවන, දකින දෑ (දත්ත) වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල්( නිරීක්ෂණයන්) කටු සටහන් වලින් step by step නිර්මාණාත්මකව සටහන් කරගන්න එකට. ඔය රිසර්ච් කරනව කියන්නෙ අන්න ඒක.

ඒ කියන්නෙ යම් සිද්දියක් අවබෝධ  කරගන්න උපකාර වෙන විදිහෙ ශාක්ෂි සටහනක්. උදාහරණකට කාගෙ හෝ ගවේශනය පක්ෂීන් ගැන නම් උගෙ පිහාටු , හොට, පාද ආදිය වෙන වෙනම කටු සටහන් වලින් ඇඳගන්නව. සතාගෙ ඉරියව් අනූව සිරුරේ වෙනස් වීම් පවා අඳිනව. ඒ වගේම විශේශිත දේවල් පුන්චි වාක්‍යකින් දෙකකින් සටහන් කර ගැනෙනව. ඉතින් මේ දේවල් කරන්නෙ සියුම් තොරතුරු පවා තමන්ගෙ ගවේශනයන්ට ඉදිරියෙදි වැදගත් වෙන හින්ද. ඒ වගේම ඡායාරුප ලබාගැනීමත් විශේශයි.

(field note ගැන තවත් සරලව කිව්වොත් දත්ත සහිත විස්තර පත්‍රිකාවක් වගෙ එකක් කියල  හිතාගන්නකො )
Scientific illustration කියන්නෙ සරලවම බැලුවොත් ඔය උඩ කිව්ව field journal note වල එක් ප්‍රතිඵලයක්. මේකෙදි තමන් රැස් කරගත්ත තොරතුරු මත පදනම්ව ව්‍යුහාත්මකව රූප සටහනක් හා තොරතුරු අතුලත් විස්තරයක් නිර්මාණය වෙනව විද්‍යාත්මක පසුබිමක් ඔස්සෙ. 

උදාහරණකට සතෙක් ගත්තොත් අස්ති පද්දතිය, ආහාර රටාව, පරිසරය වගෙ විවිධ  දේවල්  ඇතුලත් වුනු කලාත්මක රූප සටහන් ඇතුලත්  තොරතුරු සටහන, එහෙම නැත්නම්  විද්‍යාත්මක දත්ත සටහන් සහිත නිදර්ශකයක් අපිට scientific illustration එකක් විදිහට දක්වන්න පුළුවන්. 

 මම මෙතන field note එක්කම scientific illustration ගැන කියන්න හිතුවෙ ලෝකයෙ වැඩි හරියක් අදටත් field note භාවිතා  වෙන්නෙ විද්‍යාව හා සම්බන්ද කරුනු වලදි.

මෙතනදි විද්‍යාව කිව්වම ජීව විද්‍යාව විතරක් නෙවෙයි ඉතින් මේවයෙ ප්‍රයෝජනය විශේෂයෙන්ම තියෙන්නෙ විද්‍යාඥයන්ට පර්යේශකයන්ට... වුනත් ක්ෂේත්‍ර රැසකට අදාල පුද්ගලයන්ට, අද්‍යාපනය හදාරන සිසුන්ට මේව වැදගත්.

සරලව scientific illustration කියන්නෙ විද්‍යාව හා චිත්‍ර අතර එකාත්මික ගනුදෙනුවක්.

ඒක හින්ද ඒක අඳින කෙනා අනූව,තමන් හදාරන විශය අනූව, දත්ත හා රූප සටහන් වල වෙනස් කම් අපිට බලාගන්න පුළුවන්. 

මොකද අද වෙන කොට scientific illustration , field journal sketch, botanical illustration, traveling sketch, consept illustration .... කියන්නෙ චිත්‍ර කලාවෙ අලුත් වීගෙන යන එක් පැතිකඩක්.

හරියට ලංකාවෙ පෝට්‍රෙයිට් වගේ විනෝදාංශයක් විදිහට අද්‍යයනයෙන් තොරවත් මේ විදිහෙ චිත්‍ර සටහන් නිර්මාණය කරන අය ඉන්නව මේ දේවල් සටහන් කරගන්න ඒ වෙනුවෙන්ම නිපදවුනු මෙවලම් කට්ටලත් අද වෙනකොට වෙලඳපලෙ තියේ.

ඉතින් අපි බලමු මේ දේවල් කොහොමද චිත්‍ර ශිල්පීන්ට වැදගත් වෙන්නෙ කියල.

ඔය ගොල්ලො දැකල ඇති පක්ශීන්, කෘමීන්, ශාක, පැලෑටි , උරගයින් වගෙ විවිධ සත්තුන්ගෙ illustration, field note.........

දැකපු අයට හිතෙන්නත් ඇති මොන එහෙකටද  මේ සත්තුන්ගෙ, ශාක පැලෑටි වගෙ දේවල් වල කොටස් කොටස් ඇඳල පැත්තෙන් පොඩියට එක එක ඒව ලියල තියෙන්නෙ කියල.

විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් ඔතනදි සතෙක් හෝ ශාකයක් නිරීක්ෂණය කරනව නම් ඒ වගේම එහි දත්ත සටහන් කරගන්නව නම් අනිවාර්යයෙන් දිනය, වෙලාව, දේශගුනය.............වගෙ ගොඩක් දේවල් සටහන් කරගන්නව. සත්වයෙක්ගෙ ඉරියව්, හැසිරීම් රටා ආශ්‍රිත දේවලුත් කටු සටහන් මඟින් ඇඳගන්නව. විද්‍යාත්මක පරීක්ෂණ වලදී මේ සබ්ජෙක්ට් එකට වෙන්වූ පිලිවෙලක් හා ක්‍රමයක් තියෙනව  ඒව ගැන අපි පසුව කතාකරමු..

ඒත් චිත්‍ර ශිල්පීන්ට ක්ෂේත්‍ර සටහන්( field note) වලදි  ප්‍රදාන වෙන්නෙ සත්තුන්ගෙ ඉරියව්,හැසිරීම් රටා, පරිසරය වගෙ දේවල්. සරලවම හොඳ sketch ටිකක් තමයි එයාලට වැදගත්ම වෙන්නෙ. ඒ වගේම හොඳ චායාරූප ලබා ගැනීමත් වැදගත්.

ඒ ගොල්ලො කරන්නෙ විස්තර සහිතව පැහැදිලිව තමන්ගෙ note book එකේ මේ දේවල් කටු සටහන් මඟින් අද්‍යයනය ලබාගන්න පහසු විදිහට සටහන් කරගන්න එක. ( පල්ලෙහා දාල තියෙන කටු සටහන් බැලුවම තේරෙයි) පෙලක් චිත්‍ර ශිල්පින් ඉන්නව කැලේ බඩගාල, දුර දක්න වගේ දේවල් භාවිතා කරල ලොකු වෙහෙසක් දරනව මේ දේවල් කරන්න. ලෝකයෙ ඇතැම් චිත්‍ර ශිල්පීන්ට සතුන්ගෙන් සිද්ද වුන අනතුරුත් වාර්තා වෙලා තියෙ.
උදාහරණකට වනජීවි සිතරෙක්ට නම් ඔහුගේ අවසාන සිතුවම සඳහා ගොඩක් ලොකු දායකත්වයක් ලබා දෙන්නෙ ඔන්න ඔය කියන sketch ටික.

ගොඩක් අය හිතං ඉන්නවනෙ පොටෝ එකක් ගහල ගෙඩි පිටින් ඒක අඳිනව කියල ඒත් ඊට වඩා ලොකු සංකීර්ණ දෙයක් wild life සිත්තරුන්ට කරන්න වෙනව.

මොකද ඒ අය කරන්නෙ. මේ සටහන් කරගන්න දත්ත හා කටු සටහන් උපයෝගි කරගෙන , ඒ වගේම චායාරූපත් උපයෝගී කරගෙන තමන්ගෙම නිර්මාණයක් සැලසුම් කරන එක. පෙලක් අය ඉන්නව ඉස්සෙල්ලාම photoshop වලින් mockup එකක් හදාගන්න අයත්.

උදාහරණකට wild life painting එකක් ගත්තොත් ගොඩක් වෙලාවට ඒකෙ background එක වෙනත් පරිසරයක්, සත්තුන්ගෙ ඉරියව් හා සතුන් විවිධ තැන් වලදි ශිල්පියා විසින් සටහන් කරගත් කටු සටහන් මගින් නිර්මාණය වුන රූප සටහන්.

ඉතින්  ඔය වගෙ විවිධ  දේවල් එකතු කරල නිර්මාණයට හානියක් නොවෙන විදිහට ඒ වගේම නිසි ගැලපීමක් එන විදිහට තමන්ගෙ නිර්මාණය සැලසුම් කරනව කියන්නෙ පට්ට ගේමක්.

ඉතින්  ඒක හින්ද ඒ වගෙ සාර්තක නිර්මාණයක් දකින කෙනෙක්ට හිතෙන්නෙ පොටො එකක් ගෙඩි පිටින් ඇඳල වගෙ තමයි .

ඒත් එහෙම  නෙවෙයි.

ඉතින් ඔය වගෙ සාර්ථක නිර්මාණයක් කරන්න නම් අනිවාර්යයෙන්  සතුන් හා පරිසරය ගැන හොඳ  අද්‍යයනයක් අවශයයි, නිරීක්ෂණයක් අවශ්‍යයි, හොඳ sketch අවශ්‍යයි. මේ දේවල් වල සාර්ථ බව මත ශිල්පියාට හොඳ  නිර්මාණයක් කරන්න පුළුවන් වෙනව.

ඒ වගේම 3d animation ( film, video ) හදන අයටත් සත්තුන්ගෙ හැසිරීම් රටා අඳුනගන්න,අද්‍යයනයට මේ field note sketch වැදගත්. ඔය 3d animation හදන කොටත් සත්තුන්ගෙ හැසිරීම් රටා ස්වභාවික විදිහටම නිර්මාණය කරන්න මේව ගොඩක් වැදගත්. මොකද සජීවී ඉරියව් වල නිරීක්ෂණයක් නැතුව මේ දේවල් කරන්න  බෑ.

සරලව බැලුවොත්  චිත්‍රයක් අඳිනවටත් වඩා ලොකු කට්ටක් කන්න වෙනව මේ ක්ෂේත්‍ර සටහන් , sketch නිර්මාණය කර ගැනීමෙදි.

මොකද ඔයාලට තේරෙන්න ඇති මේක හෙන අමාරු වැඩක් කියල. 

මේක ඉතින්  චිත්‍ර  ශිල්පීන්ටම පොදු දෙයක් නෙවෙ. ඒත් මං මෙතනදි කිව්වෙ චිත්‍ර  ශිල්පියෙක් විදිහට ගත්තොත්  ක්ෂේත්‍ර සටහන් මඟින් ලැබ්න වාසි මොනවගේද කියල විතරයි ඉතින්  මේ පහතින් තියෙන්නෙ ලෝකෙ විවිධ සිත්තරුන් හා පර්‍යේශකයන් විසින් කරපු field note & scientific illustration කිහිපයක්. අතරින් පතර traveling sketch කිහිපයකුත් ඇති...

..............අන්තර්ජාලය ඇසුරෙනි..........දැනුම සොයන්න මේ පාරෙන් එන්න

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way

Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Field Note Sketch & Scientific Illustration කියන්නෙ මොනවද..? Field Note Sketch & Scientific Illustration  කියන්නෙ මොනවද..? Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2022 Rating: 5

0 comments:

Post a Comment