Wana Bambara Kule Song Lyrics - වන බඹර කුලේ ගීතයේ පද පෙළ

Wana Bambara Kule Song Lyrics - වන බඹර කුලේ ගීතයේ පද පෙළ
Song Title : Wana Bambara Kule (වන බඹර කුලේ)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

සිසි කිරණ තරම්
සිහිලසට උවම්
කිසිවක් නැති ඇයි පැවසූ //
මිහි දෙරණ තලේ
ඔබෙ වත කමලේ
දුටුවෙමි සිහිලැල්ල සුදූ

වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

දිය දිණිති පවා
මල් කිණිති නවා
අත වනමින් කතා කලේ //
මගෙ ගතට හුරු
සහනය සපිරු
ඔබ සුවඳයි නෙළුම් මළේ

වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

උදේ හවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Bambara Kule Song Lyrics - වන බඹර කුලේ ගීතයේ පද පෙළ Wana Bambara Kule Song Lyrics - වන බඹර කුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment