Sithalayi Sithalayi Song Lyrics - සීතලයි සීතලයි ගීතයේ පද පෙළ

Sithalayi Sithalayi Song Lyrics - සීතලයි සීතලයි ගීතයේ පද පෙළ
Song Title : Sithalayi Sithalayi (සීතලයි සීතලයි)
ගායනය : ලතා වල්පොල
පද රචනය : විනීත් ජයසූරිය
සංගීතය : පී.එස්. දිවාකර්
1957 දී තිරගත වූ “සුකුමලී” චිත්‍රපටියෙන්.තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.


සීතලයි
සීතලයි
හිම වාගේම සීතලයි ජලේ //

හිරිතලා ඇඟේ
කිලිපොලා නැඟේ
කිතිකවා ජලේ
හා හහ් හහ් හා ...//

සිත පිනවා ගියා රසයේ වෙලී
ගත සනසාලියා ජලයේ හෙළී //

මඳ පවනේ සැලී
මුදු සුවඳේ ගැලී //
මා හද යයි කළඹා

රන හංසී වගේ අත් පාද මගේ
සල සලා දියේ යමි පීනලා //

රුං රුං රුං ගාලා ගුමු නාදේ දිදී
රොන් ගන්නා ලෙසේ බමරා වදී //

ඉඟි බිඟ පා බලා
රළ පෙළ පාදලා //
ඕළු නෙළුම් පිපිලා

හිරු රැසේ වැදී
දිය මැදේ හැදී
හරි හැඩයි නෙළුම් මල් මේ විලේ //

නෙළ නෙළ නෙළුම් පළඳා හිසේ
විල තුළ පීනමී විඳලා රසේ //

සැළලිහිණී කොබෙයි
ඵල බුදිමින් එබෙයි //
මේ මනරම්‍ය වනේ

හිරිතලා ඇඟේ
කිලිපොලා නැඟේ
කිතිකවා ජලේ
හා හහ් හහ් හා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithalayi Sithalayi Song Lyrics - සීතලයි සීතලයි ගීතයේ පද පෙළ Sithalayi Sithalayi Song Lyrics - සීතලයි සීතලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment