Sinasenna Ma Diha Bala Song Lyrics - සිනාසෙන්න මා දිහා බලා ගීතයේ පද පෙළ

Sinasenna Ma Diha Bala Song Lyrics - සිනාසෙන්න මා දිහා බලා ගීතයේ පද පෙළ
Song Title : Sinasenna Ma Diha Bala (සිනාසෙන්න මා දිහා බලා)
ගායනය : විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා //

ගංගා ගලාවී සඳ රැස් වැටේවී අප හා බැඳී
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
නෙතේ කඳුළු බිඳු තැවරී මහදේ සැලේ

සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා

ඔබගේ හදේහී රිද්මේ අසා දෝ තුරු වැල් සැලේ
සුවඳක් දැනේ වන මල් පිපී
සුවඳක් දැනේ වන මල් පිපී
සිතේ තිබෙන දුක නැතිවේ මේ රාත්‍රියේ

සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
මට වේදනා දෙන්නෙපා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinasenna Ma Diha Bala Song Lyrics - සිනාසෙන්න මා දිහා බලා ගීතයේ පද පෙළ Sinasenna Ma Diha Bala Song Lyrics - සිනාසෙන්න මා දිහා බලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment