Sethan Ayiyage Hotale Me Song Lyrics - සේතන් අයියගෙ හෝටලෙ මේ ගීතයේ පද පෙළ

Sethan Ayiyage Hotale Me Song Lyrics - සේතන් අයියගෙ හෝටලෙ මේ ගීතයේ පද පෙළ
Song Title : Sethan Ayiyage Hotale Me (සේතන් අයියගෙ හෝටලෙ මේ)
ගායනය : ලතා වල්පොල සමග ඩොමී ජයවර්ධන
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Kundan" චිත්‍රපටියට, සුධා මල්හෝත්‍රා සහ ශිව් දයාල් භාතිෂ් ගැයූ, "Aao Hamare Hotel Mein" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි

සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ

කෑ දේ බිව් දේ විතරයි ඉතුරුව
ලෝබා වෙන්නේ ඇයිද අනේ
මේ ලෝබා වෙන්නේ ඇයි මේ
ඕ ඔ ඕඔ ඔඔ ඕ.....
කෑ දේ බිව් දේ විතරයි ඉතුරුව
ලෝබා වෙන්නේ ඇයි මේ

කාලා බීලා තිරිහන් වෙන්ටා
නෝනා මහතුනි එන්ඩ //

සුවඳින් රසයෙන් හරී ප්‍රසිද්ධයි
සේතන් අයියගෙ අයිස්කිරිම්

සේතන් අයියගෙ අයිස්කිරිම්
සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ

ජාතික ආලේ නෑ දැන් කාලේ
සයිවර් කන්ඩයි යන්නෙ අපේ අය
සයිවර් කන්ඩයි යන්නේ
ඕ ඔ ඕඔ ඔඔ ඕ.....
ජාතික ආලේ නෑ දැන් කාලේ
සයිවර් කන්ඩයි යන්නේ

බඩගිණි නැත්තෝ දුකින් සිටින්නෝ
රහසින් මා වෙත එන්නේ //

අල හොදි දෙහි සුදි තහනම් දේ නෑ
සීල් තමයි මම දෙන්නේ

සීල් තමයි මම දෙන්නේ

සේතන් අයියගෙ අයිස්කිරිම්
සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ //

හින්දි ගීයේ පද

आओ हमारे होटल में
चाय पियो जी गरम गरम
बिस्कुट खाओ नरम नरम
जो दिल चाहे माँग लो हमसे
सब कुछ है भगवान कसम

गर्मी हो शरबत पीकर
कर लो दिल को ठंडा
सर्दी हो तोह खा लो भैया
इक मुर्गी का अंडा
इस होटल के अंदर आकर ले लो
बाबू नया जनम

बात बनेगी हम दोनों की
पूछो वह कैसे
तुम होंठो में चमचा रखो
हम पॉकेट में पैसे
जिन कदमों पर पैसे बरसे
दुनिया चुमे वही कदम.

Aao hamare hotel mein
Chaai piyo ji garam garam
Biskut khao naram naram
Jo dil chahe mang lo hamase,
Sab kuchh hai bhagavan kasam

Garmee ho sharabat pikar
Kar lo dil ko thanda
Sardee ho toh kha lo bhaiya
Ik murgee ka anda
Iss hotal ke andar aakar le lo
Babu naya janam

Bat banegi ham dono kee
Puchho woh kaise
Tum hontho mein chamacha rakho
Ham pocket mein paise
Jin kadamo par paise barase
Duniya chume wahi kadam.

Singers : S.D. Batish, Sudha Malhotra
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Kundan (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sethan Ayiyage Hotale Me Song Lyrics - සේතන් අයියගෙ හෝටලෙ මේ ගීතයේ පද පෙළ Sethan Ayiyage Hotale Me Song Lyrics - සේතන් අයියගෙ හෝටලෙ මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment