Sapatha Swarge Song Lyrics - සැපත ස්වර්ගේ ගීතයේ පද පෙළ

Sapatha Swarge Song Lyrics - සැපත ස්වර්ගේ ගීතයේ පද පෙළ

Sapatha Swarge Song Lyrics - සැපත ස්වර්ගේ ගීතයේ පද පෙළ
Song Title : Sapatha Swarge (සැපත ස්වර්ගේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


සැපත ස්වර්ගේ හා නිරේ දුක්
සාදා දෙන්නේ පෙම් රසේ
සැපත ස්වර්ගේ හා 

කීර්ති නාමේ සාමදානේ
ප්‍රීති කරුණා සැම සදන්නේ //
පිවිතුරු ප්‍රේමේ රසේ

සැපත ස්වර්ගේ හා නිරේ දුක්
සාදා දෙන්නේ පෙම් රසේ
සැපත ස්වර්ගේ හා

හහ් හහ් හා...
හහ් හහ් හහ් හා...
හහ් හහ් හහ් හා...

පූර්ණ චන්ද්‍රා රැස් විදාලා //
අර බලන්නේ මා xx
නව සඳක් දෝ වී සැකේ

පූර්ණ වී සඳ අද දිලේ
පූර්ණ වී සඳ අද දිලේ
හෙට අඬයි වැද සෝ ජලේ

පූර්ණ වී සඳ අද දිලේ
හෙට අඬයි වැද සෝ ජලේ

අපගේ ප්‍රේමේ
නොමැකෙයි සුදිලේ //
දින දිනේ ඒ කාන්ති දේ

සැපත ස්වර්ගේ හා නිරේ දුක්
සාදා දෙන්නේ පෙම් රසේ
සැපත ස්වර්ගේ හා

සටහන -
මෙම ගීයේ "පූර්ණ චන්ද්‍රා රැස් විදාලා" යනුවෙන් ගැයෙන කොටසේ කතිර ලකුණින් දක්වා ඇත්තේ යම් ප්‍රෂ්ණාර්තථයක් මතුවූ තැනකි. හොඳින් අසා සිටින්න. ඊළඟ පද ඇසෙන්නේ "අර බලන්නේ මා ඇකේ" ලෙසයි. චන්ද්‍රයා පුරුෂෙයකුගේ ඇකයේ බලන්නේ මොනවාදැයි නොදනිමි. මේ ගැන තවදුරටත් විපරම් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් එළිදැක්වූ "සිංහල චිත්‍රපට ගීතාවලිය" පළමු කොටසේ එතුමා ද මා සඳහන් කළ අදාල ස්ථානයේ  ප්‍රෂ්ණාර්යථක් තබා තිබුණි.

ලතා, ධර්මදාස වල්පොල සමගින් චිත්‍රපටි යුග ගී ගායනයකට එක්වූ ප්‍රථම අවස්ථාව "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වේ. එපමණක් නොව,  ධර්මදාස වල්පොලගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය ද එක්වන්නේ "ප්‍රේම තරඟය" චිත්‍රපටියටයි.

(ධර්මදාස වල්පොල ලතා සමඟ විවාහ වන්නේ පසු කලෙකයි. මේ අවධියේ ලතා, ලතා වල්පොල නොව, මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු ය. කලා ක්ෂේත්‍රයට ඇගේ නම ලතා ලෙස යෝග්‍ය බව කියා ඒ නම ස්ථාපනය වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ යෝජනාවකින් හා පුරෝගාමිත්වයෙනි.)

ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාන බව සඳහන් කරමි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sapatha Swarge Song Lyrics - සැපත ස්වර්ගේ ගීතයේ පද පෙළ Sapatha Swarge Song Lyrics - සැපත ස්වර්ගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment