Sagare Sihilal Song Lyrics - සාගරේ සිහිලැල් ගීතයේ පද පෙළ

Sagare Sihilal Song Lyrics - සාගරේ සිහිලැල් ගීතයේ පද පෙළ
Song Title : Sagare Sihilal (සාගරේ සිහිලැල්)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්. කේ. රොක්සාමි
"රන්රස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.1964 දී තිරගතවූ "ගංගා කී ලේහ්රේන්" චිත්‍රපටියට කිශෝර් කුමාර් හා ලතා මංගෙස්කාර් ගැයූ "මචල්ති හුයි හවා මායි චම් චම්" ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත.


සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

හෝ...
ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

හිරු නැඟ බැස යයි
මදනල දිව යයි
සෙනෙහස අපගේ ලියලයි දළුලයි //

පෙර සංසාරේ විඳ හුරු පුරුදු
සුවඳක් ඔබගෙන් පිටවී එයි
ඒ අදවාගෙ කමනීය සැන්දෑවකයි

සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

ඔබ හඬ සුහදේ සවනට සුවදේ
මට මා කවුදැයි අමතක වී යයි ..//

පිපෙණ නෙළුම් මල
පෑදි දෙකම්මුල
සිතක සුරංගන සිහින මවයි

ඔව් අප දෙන්නා මේ රැල්ලයි වැල්ලයි වාගෙයි

සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක්‌ කියාවී

ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagare Sihilal Song Lyrics - සාගරේ සිහිලැල් ගීතයේ පද පෙළ Sagare Sihilal Song Lyrics - සාගරේ සිහිලැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment