රුදුරු පළිගැනීම අවසන්ද (Priyankara)

රුදුරු පළිගැනීම අවසන්ද (Priyankara) - Your Choice Way

ප්‍රියංකර යනු අගනුවර ආසන්න ස්ථානයක ඉහළ රැකියාවක් කෙරූ අයෙකි.ඔහුත් ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනාත් ඒ ආසන්නයේ නිවෙසක් තනා පදිංචියට පැමිණියේ ඔහුගේ රැකියාවට හා දරුවන්ගේ පාසල් ගමන ට පහසු වූ නිසාවෙනි.

වසර අවසානයේ ඔහුගේ රැකියා ස්ථානයේ සාදයක් පැවැත්වීම සිරිතයි.එදින හොඳින් හැඳ පැළඳ ගත් ප්‍රියංකර තම බිරිඳ ගේ හිස සිඹ රැකියා ස්ථානය සඳහා යාමට තම මෝටර් රථය වෙත පියමැන්නේය."අනේ ප්‍රියා අද බොන්නනම් එපා.ඉක්මනට එන්න".එවිට ප්‍රියංකර "අනේ නෑ නාලිනී මන් ඉක්මනටම එන්නම්.හෙට අපි දූල තුන්දෙනාත් එක්ක කොහේ හරි යමුකො".එසේ කියූ ඔහු කාරයට නැග පිටත් උනේය.සාදය ඉතා උත්කර්ෂවත්ලෙස පැවැත්වුන අතර තම ප්‍රධානියාගේ ඉල්ලීම මත ඔහු තරමට මත්පැන්වලින් සප්පායම්විය.

මධ්‍යම රාත්‍රිය පසුවී ගිය පසු ප්‍රියංකර නැවත් නිවස බලා ඒම සදහා සියල්ලටම සුබපතා නැවත තම කාරයට නැග්ගේය.දැඩි වර්ශාවක් පතිත වුවත් ඔහු ඉක්මනින් නිවසට පැමිනීම සදහා තරමක් වේගයෙන් රිය පැදවීය.මත්පැන් පානයත් ,රාත්‍රියේ වෙහේසත් නිසා ඔහුගේ දෑස් පියවෙන්නට වූ අතර ඉතා අපහසුවෙන් වුවත් ඔහු තම රිය නතර නොකොට පැමිනියේ තම බිරිඳ තමා එනතුරු නිදිවර්ජිතව බලා ඉන්නා බව දන්න නිසාය.

මොහොතකට ඔහුගේ දෑස් පියවිය.ඒ සමගම දඩස් ගා ඇසුන ශබ්දයෙන් ඔහු ඇහැරී ඉක්මනින් තම රිය නතරකර ගත්තේය.පැති කන්නාඩියෙන් පසුපස බැලූ ඔහු යම් දෙයක් පරේ වැටී ඇතිබව දක්නට ලැබිනි.ඉක්මනින් බැස වැස්සේ තෙමී එම තැනට ගිය ඔහු දැක්කේ කාන්තාවකගේ රුවකි.ඇයගෙ මුවින් ලේ ධාරාවක් ගමන් කරනු දුටු ඔහු ඇයව ඔසවා ගන්නට සැරසුනේය.එවිට ඔහු දුටුවේ හිස පිටුපසින්ද ලේ යන ආකාරයය.ඇය එතනම මියගොස් ඇති බව සිතූ ඔහුට කරකියාගන්නට කිසිවක් නැතිවිය.ඉතා කලබලෙන් වටපිට බැලූ ඔහු දුටුවේ ඊට නුදුරින් වසරක් පමන වයසැති කුඩා දැරියක්ද මුවින් ලේ ගලමින් වැටී සිටින අයුරුය.මෙම සිදුවීම දුටු වෙනත් කෙනෙකු නොමැති හෙයින් ඔවුන් මහමග දමා යන්නට ඔහුට සිත්විය.නමුත් කෙසේ හෝ ඔවුන්ගේ සිරුරු එම ස්ථානයේ තිබීම අනතුරුදායක බව ඔහුට හැගින.

අනතුර වූ ස්ථානයට නුදුරින් ගලාබසින දියපහරකි.වර්ශාව නිසා එදින එහි ජලය වැඩිවී වේගයෙන් ගලාබැස්සේය.ඉතා අපහසුවෙන් මුලින්ම එම කාන්තාව ගෙන ගොස් දියට දැමූ ප්‍රියංකර දෙවනුව කුඩා දැරිය ගෙන ගොස් දැමීය.ඇයව ඔසවා එද්දී ඔහුට තම දැරියන් තිදෙනාව මතක්වී ඇසට කදුලු ගලා ආවේ තම තම බාලම දියනියද මෙම දියනියට ආසන්න වයසක වූ බැවිනි.ඔවුන් දියට අතැර දමා ඉක්මනින් වහනයට ගොඩ වූ ප්‍රියංකර ඉක්මනින් තම නිවස කරා පැමිනියේය.නිවසට පැමිනි ඔහු එම සිදුවීම් ඉතා අපහසුවෙන් තම බිරිදගෙන් පවා සගවා ගත් අතර තමා කොයිමොහොතේ හෝ පොලීසියට හසුවේවි යැයි බියෙන් පසුවීය.

කාලයක් ගතවීය ඒ පිලිබද කිසිදු ගැටලුවක් ඇති නොවුන තැන ඔහු සිතුවේ සියල්ල සිදුවී හමාර කියාය.තවත් නව වසරක් උදාවීමට පෙර දිනකි.මෙවර ප්‍රියංකර තම ආයතන සාදයට නොගොස් ගෙදර සිටීමට තීරනය කලේ පෙර වූ සිදුවීම ඔහුගෙ සිතේ තවමත් හොල්මන් කරන නිසාය.එදින රාත්‍රියේ ඔහු තම බිරිද සමග මුලුතැන්ගෙයට වෙලා කතා කරමින් සිටියේ තම දෙවැනි දියනියද නව වසරේ පාසල් යාමට නියමිතව ඇති නිසාය.මධ්‍යම රාත්‍රිය උදාවිය.දරුවන් නින්දේ පසුවිය.තවමත් ප්‍රියංකර හා නාලිනී කතාකරමින් සිටි අතර ඔවුන් ආදරය කල කාලය විවහා වූ මුල් කාලය ගැනද කතාකරමින් සිටියේය.නාලිනීගේ අතින් අල්ලා පපුවට තුරුලු කරගත් ප්‍රියංකර ඉතා ආදරයෙන් ඇයගේ හිස පිරිමදින්න විය.

නව වසර උදාවත්ම ප්‍රියංකරගේ ජංගම දුරකතනයට කෙටි පනිවිඩ කිහිපයක් සුභපතා ආ අතර ඔහු සාලයට පැමින ඒවා බලා නැවත මුලුතැන්ගෙයට පැමිනෙද්දී සිය බිරිද පිහියක් ගෙන් අනෙක් පසට හැරී යමක් කරමින් සිටිනු පෙනිනි."නාලිනී නාලිනී" ඇයව ඇමතුවත් ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවිනි.ඔහු ඇය වෙත පැමින ඇයව තමා දෙසට හරවාගත් විට ඔහු දුටුවේ ඇගේ අතින් ලේ වහනයවෙන ආකාරයයි."නාලිනී මොකක්ද දෙයියනේ මේ කරගත්තෙ" කියමින් ඔහු ඇයගේ පිහිය උදුරාගන්න උත්සහා කලේය.ඒත් ඔහුට ඒ සදහා ඉඩක් නොවුනි.නාලිනී එල්ලකල පහරින් ප්‍රියංකර විසිවී බිත්තියේ වැදී ඇද වැටිනි.මහත් ආයාසයෙන් හිස ඔසවා බැලූ ප්‍රියංකර දුටුවේ නාලිනී වියරුවෙන් සිනාසෙමින් තම දෑත කිහිප පොලකින් කපාගන්නා ආකාරයයි."අනේ දෙයියනේ ඇයි මේ ඔයාට මොකක්ද මේ උනේ" ප්‍රියංකර එසේ කියමින් ඉතා අපහසුවෙන් ඇයට ලන්විය.නාලිනී ප්‍රියංකරගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය."මොකක්ද වුනේ මොකක්ද වුනේ..." ඇය ඉතා රුදුරු ලෙසින් ඔහුව ඇමතුවේය."මොකක්ද වුනේ නෙමෙයි තෝ මට මොකක්ද කලේ".එසේ කියමින් ඇය නැවතත් ඔහුව පසෙකට තල්ලුකර දැමුවාය.ප්‍රියංකරට කිසිවක් සිතාගත නොහැකිවිය."ඇයි උඹට මතක නැද්ද අවුරුද්දකට කලින් මායි මගෙ දරුවයි හප්පල උඹ අපිව වතුර පාරකට දාල පැනල ගියා.මන් මගේ පොඩි එකී අරන් පාරට ආවෙ මගෙ මනුස්සය නාවෙ ඇයි බලන්න.තෝ පාරෙ අයිනෙ හිටපු මාව හප්පගෙන ගියා.අපිව සත්තු වගේ ඇදගෙන ගිහින් වතුර පාරකට දැම්ම.මන් එව්ලෙ මැරිල නෙමෙයි හිටියෙ මගෙ දරුව මාත් එක්කම ගහගෙන ගිය".ඇගේ දෑස් වලින් කදුලු කඩාහැලෙන්නට විය.ප්‍රියංකර අසලට පැමිනි ඇය ඔහුගේ බෙල්ලෙන් අල්ලා එසවුවේය.ඉතා අපහසුවෙන් බේරීමට තැත් කරන ප්‍රියංකර දෙස බැලූ ඇය හැඩීම මුසු මහහඩින් "මගේ දරුව මගේ ඇස් ඉස්සරහාමයි කබරයො ඇද ඇද කෑවෙ මට මගේ දරුව ලගටවත් යන්න බැරි උනා දෙයියනේ" කියමින් මදක් නිහඩවිය.නැවතත් වියරුවෙන් සිනාමුසු බැල්මක් ප්‍රියංකර වෙතට හෙලමින් "අද ඉදන් උඹත් මන් වින්ද දුක විදින්න ඕන" කියමින් ඔහුව පසෙකට ඇද දැමීය.ඒ සමගම අත තිබූ පිහිය නාලිනීගේ ගෙල මත තබා ඇදගත්තේ ප්‍රියංකරගේ කෑ ගැසීම මැද්දේය.ඒ සමගම ප්‍රියංකර සිහිසුන්ව ඇද වැටුනේය.

පසුදින ඔහු අවදිවනවිට පොලීසියෙන් හා අසල නිවෙස්වල අය ඔහු අසලවිය.සැකපිට නාලිනීගේ මරනයට ප්‍රියංකරව අත්අඩංගුවට ගත්තත් සාක්ශි නොමැතිවීම නිසා ඔහු ඇපමත නිදහස්විය.නමුත් නාලිනීගේ පවුලේ අය එම මරනයට ඔහු සම්බන්ද බව සිතාසිටියේය.එම නිසා ඔවුන් ප්‍රියංකරගෙන් ඈත්විය.දියනියන් තිදෙනාත් සමග ඔහු තනිවිය.දැඩිව අසරන උවත් තම දියනියන් සමග ඔහු ජීවිතයට මුහුන දුන්නේය.එසේ එම වසරද අවසන් දින උදාවිය.ඔහු තම බිරිදගේ වියෝවේ වසරේ දානමය පුන්‍යකර්මය සදහා සූදානම් විය.තමාගේ නෑදෑ පිරිසත් වට පිටාවේ අයත් තමාගෙන් දුරස්ව ඇති නිසා ප්‍රියංකරට සියලුදේ තනිව සිදු කරගන්නට සිදුවිය.රාත්‍රියේ දරුවන් නිදිකරවා මුලුතැන්ගෙයට පැමිනි ඔහු පසු දින දානමය පුන්‍යකර්මය සදහා අවශ්‍ය දෑ සූදානම් කරන්නට විය.

මධ්‍යම රාත්‍රිය උදාවිය."තාත්තේ... තාත්තේ... අනේ මාව බේරගන්න තාත්තේ..." තම වැඩිමහල් දියනිය කාමරයේ සිට කෑ ගසනු ඇසිනි.ප්‍රියංකර වහා ඒ දෙසට දිව ගියේය.කාමරයේ දොර හැර බැලූ ඔහුට නෙත් අදහාගත නොහැකි විය.දියනිය අඩි ගනනක් පොලවෙන් ඉස්සී බිත්තියට තද්වී සිටියේ කවුරුන් හෝ ඇයව ඔසවා බිත්තියට තදකරගෙන ඇති ආකාරයටය."අනේ මගෙ කෙල්ල" කියමින් ඇයවෙත ආ ඔහුට ඇය ආසන්නයට යා නොහැකිවිය.එකවරම කකුලේ යම්කිසිවක් පැටලී ඔහු බිම ඇද වැටිනි.ඒ සමගම අසල මේසයක හිස වැදුන ඔහු ලේ ගලන තම නලලත අත තබාගෙන අපහසුවෙන් තම දියනිය දෙස බැලුවේය.ඇය සිනාසෙමින් ඔහු දෙස බලා සිටියාය."උඹ හිතුවද මන් උඹව අතහැරිය කියල.උඹ තව විදවන්න ඕන.මන් තවම උඹගෙන් පලි අරන් ඉවර නෑ.උඹට මම කවදාවත් සැනසීමෙ ඉන්න ඉඩතියන්නෙ නෑ යකෝ" කියමින් ඈ වියරුවෙන් සිනාසෙන්න විය."අනේ මගෙ දුව" කියමින් ප්‍රියංකර හඩමින් අපහසුවෙන් නැගිට්ටේය.එවිට ඔහු දෙස රවා බැලූ ඇය "උඹට දැන් දැනෙනවද මන් මගේ දරුව මැරෙන විදිය බලාගෙන වින්ද දුක.දැන් උඹත් ඒ දුකම විදියි" කියමින් එකවරම එසවෙම්න් ක්‍රියාකරතිබූ විදුලි පoකාවේ වැදිනි.ඒ සමගම එම දියනියගේ හිස කදින් වෙන්විය.ප්‍රියංකර පිස්සුවෙන් මෙන් ඇයගේ ප්‍රානය නිරුද්ධ සිරුර බදාගෙන හඩන්න වූයේ දරාගත නොහැකි ශෝකයෙනි.

පොලිස් පරීක්ශන අවසන් වූයේ කිසිදු ප්‍රතිඵලයකින් තොරවය.ප්‍රියංකරට තවත් එම නිවසේ විසීමට කැමැත්තක් නොවුයේ තම බිරිදගේ හා වැඩිමහල් දියනියගේ මතකයන් නිතරම තමාට වද දෙන නිසා මෙන්ම තමා නිසා මරනයට පත් වූ කාන්තාවගෙන් තම අනෙත් දියනියන්ට කරදරයක්වෙයි යන බියෙන්ය.ප්‍රියංකර තම රැකියා ස්ථානයට සමු දී දුර බැහැර ප්‍රදේශයකින් රැකියාවක් සොයාගත්තේය.මනා ඉගෙනීම් පසුබිම හා කලින් සේවාකල ස්ථානයේ වූ අත්දැකීම්මත ඔහුට එය ඒ තරම් දෙයක් නොවීය.ඔහු තමා හා බිරිද සාදාගත් නිවහන විකුනා දමා තමා රැකියාව සොයාගත් ස්ථානයට ආසන්නයෙන් දෙමහල් නිවසක් මිලටගෙන දියනියන් දෙදෙනාත් සමග එහි පදින්චියට ගියේ සියලුම ප්‍රශ්න අහවරවෙයි යන් හැගීමෙනි.කාලය සෙමෙන් ගලාගොස් එම වසරේ අවසාන දවස උදාවිය.දියනියන් දෙදෙනා එක කාමරයක නිදි කරවීම ඔහුගේ සිරිත විය.එදින ඔහු දියනියන් තුරුලු කරගෙන එම කාමරයටම වී නිදා සිටියේ පෙර වසරවල මෙවැනිම දිනක සිදුවූ සිදුවීම් මතකයට ඒමෙන් ඇතිවූ බිය මුසු හැගීමකින්‍ ය.

මධ්‍යම රාත්‍රිය උදාවිය.ප්‍රියංකරත් දියනියන් සමග නින්දේ පසුවිය.ආලින්දයේ තිබූ ඔහුගේ දුරකතනය නාදවිය."මේ මහ රෑ කවුද වද දෙන්නෙ"ඔහුටම කියාගනිමින් ගොස් ඇමතුමට පිලිතුරු දීම සදහා එය කන මතට ලන්කර ගත්තේය.එයින් ඇසුනේ තම දෙවැනි දියනිය කෑ ගසන හඩයි.බියෙන් සලිතව ගිය ඔහු අතින් දුරකතනය බිම වැටුනි.වේගයෙන් කාමරයට දිවගිය ඔහු දුටුවේ කාමරයේ දියනිය නැති බවත් ජනේලක් හැර ඇති බවත්ය.වහා ඒ දෙසට පියවර කිහිපයකි ඔහු ලගාවිය.එවිට දුටු දසුනින් ඔහු මහත් කම්පාවට පත්විය.ඔහුගේ දියනිය අහසේ පාවෙමින් සිටියේ "තාත්තේ... තාත්තේ..." කියා හඩමිනි.ප්‍රියංකට කිසිවක් කරකියාගත නොහැකිව හඩාවැලපෙන්න විය."උඹ මගේ ගෑනිව මරාගත්තා මගේ ලොකු දුවවත් මරාගත්තා.දැන්වත් මට මගේ ලමයි එක්ක පාඩුවේ ඉන්න දීපන්".එවිට දියනියගේ හැඩීම නැවතී ගොරෝසු කාන්තා හඩක් මතුවිය."තවම ඉවර නෑ.මන් තවම විදවනව මගේ දරුව මතක්වෙලා.මගේ පලිගැනීම ඉවරවෙන්නෙ උඹ මැරුන දවසට"."එහෙනම් මාව මරාගනින් මගෙ ලමයව අතහැරපන්" කියමින් ප්‍රියංකර බැගෑපත්විය."අතහරින්න... අතහරින්න..." කියමින් ඇය වියරු ලෙස වේගයෙන් සිනාසෙන්නට විය."ඉදහන් ඔන්න අතහැරිය" කියමින් එම ආත්මය දියනියගේ ශරීරයෙන් ඉවත්විය.ඒ සමගම දියනිය බිමට වැටී හිස ගලක වැදී, හිසින් ලේ ධාරා විදින්නට විය.ඇයද එතනම මරනයට පත්විය.

ප්‍රියංකරට සිදුවූ දේ දරාගත නොමැතිව සිහිමදව ක්‍රියාකරන්නටවිය.මියගිය දියනියගේ අවසන් කටයුතු ගමේ පිරිසගේ සහයෝගයෙන් සිදුකරන ලදී.ප්‍රියංකරට සියදිවි නසාගැනීමට කිහිපවරක්ම සිත්විය.එහෙත් තම සිගිති දියනියගේ මුහුන දුටු ඔහුගේ එම සිතුවිල්ල යටපත්විය.ජීවිතයට එක අරමුනක්විය ඒ තමාගේ දියනියගේ ජීවිතය බේරාගැනීමයි.ඔහු සොයාගත් රැකියාවට සමුදී දියනිය සමග ඈත ගම්බද ප්‍රදේශයකට පැනගියේය.දියනියගේ ජීවිතය බේරාගැනීම සියල්ලටම වඩා ඔහුට වැදගත්විය.වසර 5කට පමන ආසන්න තම කනිටු දියනිය පෙරපාසලකටවත් නොදමා ප්‍රියංකර ලගම තබා ගැනීමට ඔහු පියවර ගත්තේය.දියනිය රැකියා ස්තානවලට ගෙනයා නොහැකි නිසා ඔහු නිවෙස්වල,වතුවල කුලීවැඩ කිරීම තම ජීවිකාව කරගත් අතර තමා යන සෑම තැනකම දියනිය කැටුවයාම ඔහුගේ සිරිත වූයේ ඇගේ ආරක්ශාව ඔහුගේ මූලික අරමුන වූ නිසාවෙනි.පාලුවට ගිය ඉඩමක කටුමැටි පැලක් අටවාගත් ඔහුට කවදාවත් ගත නොකරපු ඉතා කටුක ජීවිතයකට හුරුවන්නට වූයේ පියෙකුගේ සිතේ තම දරුවෙකු ගැන ඇති ආදරය තම ජීවිතයටත් වඩා වැඩි නිසාවෙනි.කාලය ගතවී එම වසර අවසානයට පැමිනියේ ප්‍රියංකරගේ සිතට මහ බරක්ද පටවමිනි.

රාත්‍රිය ලන්වීමට ප්‍රථම දියනියට කෑම කවා ගේ තුලට වී ඇය තුරුලු කරගෙන ඔහු නිදිවර්ජිතව සිටින්නටවිය.රාත්‍රිය උදාවිය.වවුලන්ගේ කෑ ගැසීමත් ඈතින් ඇසෙන් උලමෙකුගේ කෑ ගැසීමත් ප්‍රියංකර්ගේ සිතට මහත් බියක් එක්කරන්නටවිය.ඒ සමගම මහා හඩින් හෙන පුපුරමින් වර්ශාවක්

ඇදහැලෙන්නටවිය.වේගයෙන් හැමූ සුලගින් නිවසේ දල්වා තිබූ කුප්පි ලාම්පුව නිවී ගියේය.එක්වරම නිවස ඉදිරිපිට පුපුරා ගිය මහා අකුනේ එලියෙන් ප්‍රියංකර දුටුවේ තමාගෙන් පලිගන්නට එන කාන්තාවගේ රුවයි.ඒ සමගම ප්‍රියංකරගේ ශරීරය දහඩියෙන් තෙත්විය.කරකියාගත නොහැකිව ඔහු කෑ ගැසීය.ඔහුගේ ශබ්දයට දියනියද බියවී අවදිවිය."මන් උඹට දෙන්නෙ නෑ මගෙ දරුව දෙන්නෙ නෑ...." ප්‍රියංකර කෑ ගැසීය.ඇය ඔහු දෙස බලා සිටි අතර බයන්කර ලෙස සිනාසීය.එම සිනාසීම එන්න එන්න වැඩි වූ අතර එකවරම නිවසේ පොල් අතු වහලයට අකුනක් වැදිනි.එයට බිය වූ දියනිය තම පියාගේ ග්‍රහනයෙන් මිදී ඉවතට පැන්නාය.ඒ සමගම ඇය ඉහලට එසවී "අනේ තාත්තේ කවුද මාව අල්ලගෙන... අනේ තාත්තේ මාව බේරගන්න" යි හඩාවැලපෙමින් කෑ ගසමින් වේගයෙන් ගමන් කරන්නට විය.ප්‍රියංකරද ඒ පසුපස වේගයෙන් ලුහුබදින්නට විය.වේගයෙන් ගලාබසින ජල පහරක් අසල ඔහුගේ දියනිය නැවතී සිටියාය.ප්‍රියංකර ඈ අසලට කිට්ටුවත්ම ඔහුගේ මෝටර් රථයේ වැදී මියගිය කාන්තාව පෙනීසිටියාය."මගේ දුවට මොකුත් කරන්න එපා එයා උන දේවල් වලට පලි නෑ එයාව අතහැරල මාව මරාගනින්" එසේ කියමින් ප්‍රියංකර ඇය ඉදිරියේ වැද වැටිනි.ඒ සමගම වියරු හඩකින් සිනාසුන ඇය "උඹවත් මරනවා ඒත් ඊට කලින් උඹ තවත් විදවන්න ඕන"

.ඇය අතෙහි දැරියක් විය."මේ බලපන්... මේ බලපන්.මේ මගෙ ලමය".ඒ සමග ඇය හඩන්න විය."අම්ම කියන්න පටන්ගත්ත විතරයි.තෝ මගෙ ලමයව පාරෙ මරල දාල සතෙක් වගේ විසිකරල දැම්ම.බලපන් බලපන්...".ප්‍රියංකර ඉතා අපහසුවෙන් හිස ඔසවා ඒ දෙස බැලීය.එම දරුවාගේ හිසෙහි බාගයක් පමන නොතිබූ අතර ශරීරයේ විශාල කොටසක් නැතිව තිබුනේ සතුන් ඇද කා තිබූ පරිද්දෙනි.ඒ සමග හැඩුම නවතාගත් ඇය "දැන් උඹ විදවන්න ඕන්" කියමින් ඔහුට පා පහරක් ගැසීය.ප්‍රියංකර එම පහරෙන් විසිවී ගිය අතර, ඔහු බලාසිටියදී ඔහුගේ දියනිය ගලාබසින ජලපහරට වැටුනේ "තාත්තේ" කියා කෑ ගසාගෙනය.එසැනින්ම ප්‍රියංකර සිහිනැතිව ඇදවැටිනි.

පසුදින ඔහු අවදිව මදසිහියෙන්මෙන් ජලපහරට පැන ඇවිද ගියේය.තරමක දුරක් ගියපසු ඔහු තම දියනිය දුටුවේය.කබරයන් වටවී ඇයගේ ප්‍රානය නිරුද්ධ සිරුර කිහිප පොලකින් ඇද ඇද කනු පෙනිනි.උන්මත්තකයෙකුසේ එදෙසට දිවගිය ඔහු සතුන් පලවා හැර දියනියගේ සිරුර ඔසවාගෙන දිවගියේ "අනේ මගේ දුව බේරගන්න" ලෙස කෑ ගසමිනි.පාරදිගේ දිවයන ඔහු අල්ලා මළ සිරුර රෝහලෙන් රැගෙන ගිය අතර ප්‍රියංකර මානසික රෝහලකට යොමුකෙරුනි.දියනියගේ අවසන් කටයුතු රෝහලෙන් සිදු කෙරූ අතර ඒ සදහා සාභාගී වීමටත් ප්‍රියංකරට අවස්ථාවක් නොලැබිනි.ඇගේ පලිගැනීම අවසන්ව ඇතිද, නැතිද කිවනොහැකිය.සියල්ල සිදුවී වසර කිහිපයක් ගත්වෙලත් ප්‍රියංකර තවමත් ජීවතුන් අතරය.නමුත් දිනක රෝහලෙන් ආ පසුව ඔහුගේ ඉරනම කෙසේ විසදේවිද?.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුදුරු පළිගැනීම අවසන්ද (Priyankara) රුදුරු පළිගැනීම අවසන්ද (Priyankara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment