Nirvane Song Lyrics - නිර්වාණේ ගීතයේ පද පෙළ

Nirvane Song Lyrics - නිර්වාණේ ගීතයේ පද පෙළ
Song Title : Nirvane (නිර්වාණේ)
Artists : Chey 9 & Enza
Directed by : Gaishu G
Concept by : Chey 9 & Gaishu G
Lyrics Written by : Chey 9
Chorus Lyrics Written by : Enza Rathnayaka
Produced, Mixed & Masterd by : CairoBlessYoTrap
Rec. Engineers : Cairo & Prabhasha Weerasinghe
Recorded At : Our Home Studio & Intuned Studios
DOP, Colorist, VFX & Edited by : Gaishu G
Production Manager : Rukmal Fernando
Artworks by : Chamath Gunasekara & Comicun
Locks by : Yasas Wijesinghe


[Verse 1: Chey 9]
තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මං
පස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්
මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්
අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ බං

වෙනස් වෙලා මං
වෙනස් වෙලා මං
වෙනස් වෙලා නෙමේ වෙනස් කරා බං
සමාජෙන් මාව වෙනස් කරා බං
තේරුම් අරගෙන වෙනස් වුනා මං

දැන් දන්නවා මිතුරා කවුද, මගේ හතුරා කවුද
ලග හිටියේ කවුද
උදව් කරේ කවුද
යාළු දුකේදි මාරු වුන සැපට වහල් වුන මිතුරෝ කවුද

නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු
අදුර ගන්න බෑ වෘකයාව සුදු බැටළු හමක් පොරෝගත්තු
නින්දෙන් ඇවිදින මනෝකාය මගේ වෙන ග්‍රහලෝකෙක මත් වූ
අද පුරමුද සව්දිය අරගෙන සමු අපි රංචුවෙන් ගැලවුන සත්තු

[Chorus: Enza]
රිදුමන් දෙන හදවත අකුලා
මිතුදම් නෑ හැමදේ වැටහුණා
තනිකම හුරු වන්නට මා හද හුදකලා වන්නට අවසර ඉල්ලා

හැකි විට සිටි උං කෝ කියලා
වද දිදී මගේ හිත විමසනවා
ආදරේ කල උං අද නැ ඒත් හිත සැනසෙනවා නිදහස සොයලා

[Verse 2: Chey 9]
බිදුනු වීදුරුවක් හදන්න බෑ වගේ විස්වාසය හරිගස්සන්න බෑ
බොරු යාළුවෝ
බොරු බැල්ලියෝ වෙනුවෙන් මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නෑ
අතීතය දවසක් ගානේ පරණ වුනත් ම⁣ට මගේ මුල අමතක වෙන්නේ නෑ
මගේ තරුව දිලිසෙනවා තාමත් ඒත් මං පුහු මාන්නයෙන් උඩ ගියේ නෑ

හැමතැනම බොරු චරිත දැකලම මහන්සි
මුං කතා කරන්නේ වැටුනා වගේ අහසින්
සමූල ඝාතනේ කරා වගේ නාසීන්
කපන්නේ තුරුම්පු කොල දාලා මං ආසි

අංක එක කලාව නම් දෙක තමයි කාසි
ලංවුනේ නෑ කාටත් බලන් වාසි
ඕනතරම් දැක්කා අපිත් කැ*යන්ගේ මර්සි
Album එක ඉවරයි මම එක මාසෙන්

[Chorus: Enza]
මංමුළා වී සිතුවිලි පා වෙලා
තනිකම හෙමි හෙමියෙන් මා වෙලා
අදුරේ මා දැන් දැන් ගිලෙනවා... තනි වෙලා

ජීවිතේම සුළි සුලගක් වෙලා
ආදරයත් දැන් කොහේදෝ ගියා
මා තනි වෙලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nirvane Song Lyrics - නිර්වාණේ ගීතයේ පද පෙළ Nirvane Song Lyrics - නිර්වාණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment