Nambuwa Soya Soya Song Lyrics - නම්බුව සොයා සොයා ගීතයේ පද පෙළ

Nambuwa Soya Soya Song Lyrics - නම්බුව සොයා සොයා ගීතයේ පද පෙළ
Song Title : Nambuwa Soya Soya (නම්බුව සොයා සොයා)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.ගී තනුව වෙනත් ගීයකින් උපුටා ගැනීමකි.


නම්බුව සොයා සොයා
ධනයට යට වෙලා
සිතු දේ නොලැබීලා
බොරුවට රැවටිලා //

පසුගිය දේ නොබලා
අගහිඟකම් බලලා
මතු හොඳ ජීවිතයක් ගෙනයමූ //

මගෙ හොඳ ස්වාමී
මට සලකාවී
දුක සැප පවුලේ
ගෙනියමු හවුලේ

මගෙ හොඳ ස්වාමී (ආ.... ආ....)
මට සලකාවී (ආ.... ආ...)
දුක සැප පවුලේ (ආ.... ආ...)
ගෙනියමු හවුලේ (ආ.... ආ...)

නම්බුව සොයා සොයා
ධනයට යට වෙලා
සිතු දේ නොලැබීලා
බොරුවට රැවටිලා //

කරදර නවනින්දා
ඔබ වෙනුවෙන් වින්දා
මින් පසු අපි පෙම් ලොව රජ වෙමූ

මම ඔබෙ රාණී (ආ.... ආ....)
ඔබ රජ ස්වාමී (ආ.... ආ....)
ඔබ නැති ලෝකේ (ආ.... ආ....)
මට සැප නෑනේ (ආ.... ආ....)

මී පැණි බස් පවසා
මගෙ හද ගත් රවටා
ආදරීට ආදරෙන්ම පණ දෙමී

වස්තුව මාගේ (ආ.... ආ....)
පුර හඳ වාගේ (ආ.... ආ....)
කමු අපි දීගේ (ආ.... ආ....)
කිරි පැණි වාගේ (ආ.... ආ....)

නම්බුව සොයා සොයා
ධනයට යට වෙලා
සිතු දේ නොලැබීලා
බොරුවට රැවටිලා //

ජොලියට අපි ඇඳලා
සැන්ට් පවුඩර් දාලා
ලස්සන ෆොටෝ එකක් අරගමූ

පම් පම් ගාලා (ආ.... ආ....)
කාර් එකෙ නැගලා (ආ.... ආ....)
යමු අපි දෙන්නා (ආ.... ආ....)
ජෝඩුව දාලා (ආ.... ආ....)

නම්බුව සොයා සොයා
ධනයට යට වෙලා
සිතු දේ නොලැබීලා
බොරුවට රැවටිලා

නම්බුව සොයා සොයා /////

මෙම ගී තනුවට ගැයුණු තවත් ජනප්‍රිය ගීයකි “කුල්ලෙන් පොලා පොලා” නම් ගීය.

සටහන - 
ඉන්දියාවේ "ගෝව" ප්‍රාන්තය සංචාරක ව්‍යාපාරය නිසා ලොව, ඉතා ප්‍රකට ස්ථානයකි. ඉන්දියාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණ ද, "ගෝව" පැවතියේ පෘතුගීසි යටත් පළාතක් වශයෙන් වූ නිසා (1961 දක්වා), එම ප්‍රදේශය නිදහස් ප්‍රාන්ත රාජ්‍යයක් වන්නේ ඉතා මෑතකදීය.ගෝවේ බහුලව භාවිතා වන භාෂාව "කොන්කානි" වේ. අප ට "බයිලා" මෙන්, ගෝව ට ද අනන්‍ය වූ සංගීත ආරක් තිබේ. එය කොන්කානි සංගීතයයි.ඉහත ඉදිරිපත් කළ ගීය, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් "බයිලා" ගීයක් ලෙස හඳුන්වා තිබුණත්, සැබැවින්ම එය වඩාත් කොන්කානි සංගීතයට නැඹුරු ගීයකි.

ගීයේ පද

යේ යේ කතිරිනා
හා මගේ ලව්සිනා //
බයිසිකලේ රෝදෙ වගේ කැරකේ ජීවිතය අපේ
වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ

දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේ
ෆේමස් මඩ කැප්ටන්ලා කවුද බඳින්නේ

වයි ඩාලින් මගෙ මුහුණට ඔහොම කියන්නේ
නෝටි ගර්ල් මගෙ හදවත ෆයර් කරන්නේ

තරහද මගෙ ලව්සිනා
අයියෝ නෑ කතිරිනා
බඳිමුද අපි ලව්සිනා
අයැම් රෙඩි කතිරිනා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

මොනව වුනත් ඔයා මගේ ප්‍රේම සාගරේ
ගෝරි ගියත් නැතත් ආදරෙයිනෙ මා කෙරේ
අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට බලේ
කැතරින් පණේ බොහොකල් ඔයා වැටිල මගෙ දැලේ
මගෙ කිරි හට්ටිය ලව්සිනා
පැණි මුට්ටිය කතිරිනා
වයමුද අපි රවිකිඤ්ඤා
ගහමුද අපි කපිරිඤ්ඤා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

වෙන් යූ ලුක් ඇට් අනිත් කෙල්ලො සිතට වේදනා
ඩූ යූ නෝ දැට් මම ඔයාගෙ ලවිං කතිරිනා
කොල්ලො කෙල්ලො එක් වුනාම හරිම සෝභනා
වෙන් වි එන්ටර් ලවර්ස් වර්ල්ඩ් ෆනී චේතනා

ඉන්න බැහැනෙ වෙන්වෙලා
බයිල කියමු ළංවෙලා
සිකුරු තරුව පායලා
ප්‍රේම ලෝකෙ එළිවෙලා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්
සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

රූබර පොඩි කතිරිනා සුදු රත්තරන් මගේ
ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ
පමා නොවී ළඟදිම අපි බැන්දොතින් අගේ
ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ

එන්න යන්න කතිරිනා
හා හා මෙ ඉන්න ටිකක් ලව්සිනා
බයිසිකලෙන් කතිරිනා
යමු හනිමූන් ලව්සිනා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nambuwa Soya Soya Song Lyrics - නම්බුව සොයා සොයා ගීතයේ පද පෙළ Nambuwa Soya Soya Song Lyrics - නම්බුව සොයා සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment