ඒ අයියගේ පුතාව නිධානෙක බිල්ලකට ඉස්සුවා. කොහොමහරි බේරුණා. නමුත් මොකක්දෝ ලොකු බන්ධනයක් කරලා. ගෙවල යකා කියන එකා පස්සෙන් එනවා.. නිදාගන්න නෑ.කන්න නෑ. කෑමවලට අසූචි දානවා. ගේ හැම තැනම අසූචි ගොඩවල්. ඇඳුම්වල මේ හැමදේකටම අසූචි දානවා. පොඩි එකාව තනි කරන්න බෑ.
ගහනවා හූරණවා. අැඟේ අසූචි ගානවා.. එකම යුද්ධයක්. තනියම වැසිකිලි ගියොත් වැසැකිලි වලේ ඔබනවා.. ලොකු දුකක් විඳලා.. පස්සේ පාදුක්ක පැත්තේ පන්සලකට එක්කගෙන ආවා.. එතකොට තමයි මටත් මුණ ගැහුනේ. ඒ සිද්ධිය නිසා මමත් පන්සලේ නතර වුණා. ඒ පන්සල ගුරුකම්වලට ප්‍රසිද්ධ නිසා එහෙ නැවැත්තුවෙි. ඉතිං මාස 4ක් විතර එහේ නවත්තගෙන සෙත් කවි කිව්වා. අර අයියාට රස්සාව කරන්න නෑ මාස 4ම. මමත් ඒ අයියාගේ හිතවත්කම නිසා එයා එක්කම පන්සලේ නතර වුණා පුතාවත් බලාගෙන.ඒ වෙනකොට ගේ එහෙමත් උගස් තියලා. තොවිල් නටලාම සේසත ඉවර වෙලා.
පන්සට ආව මුල් කාලේත් බලපෑම තිබ්බා ටිකක්.එත් පස්සේ අඩු වුණා. ඒත් නැත්තටම නැති වුණෙි නෑ.
ඒවා ඔක්කෝම මතක නෑ. මෙක වුණේ 2011 නිසා. මතක සිද්ධි කියන්නම්..
පොඩි එකාව පන්සලට ඇවිත් ටිකක් කල් යනකොට ඒ බන්ධනය කරපු එකා ලොකු හාමුරුවන්ටත් බලපෑම් කලා. ඒ මේක හොඳ කරනවාට තරහිනි.පන්සලේ වතුර ටැංකිය ගැහුවාම මුලු දවසම පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ටික දවසක ඉඳලා රෑ 10ට ගහන වතුර ටැංකිය උදේ 7 වෙනකොට හිස්. හිතාගන්න බෑ වෙන දේ. ඒ පන්සලේ දේවාලයක් තිබ්බා. හූනියමක් කපන්න ගෙනාව පුහුලක් තිබ්බා දේවාලේ. දවසක් උදේ බලනකොට ලොකු සාදුගෙි ඇඳ යට තිබුණ කඩුවෙන් පුහුල කෑලි කෑලිවලට කපලා දේවාලෙදිම.. අදටත් මට හිතාගන්න බෑ. ලොකු සාදුත් බය වුනා එදා නම්.
ඒ විතරක් නෙවෙයි. ලොකු සාදුගේ මිත්‍රයෝ කරහා වුණා. බෙහෙත් ගෙනත් දෙන අයත් කතා කරන එක එන යන එක නැවතුනා. ලොකු සාදු ලෙඩ වුනා.
දවසක් හිතවත් මහත්තයෙක් අලුතෙන්ම කාර් එකක් අරන් පන්සලට අවා. පන්සලේ සීමාව පනින්නේ රේල් පාරකින්. මේ මහත්තයා ඇවිත් රේල් පාර පනිනකොටම කාර් එක ගිනි අරන්. එතන කඩේ අය නිවලා. ඒත් හුඟක් පිච්චිලා තිබුණා. අපි යනකොට දුම් දදා තියෙනවා. එත් හරි අත්භූත දෙයක් වෙලා තිබුණා. එදාම ගත්ත කාර් එක මේ ගිනිගත්තේ අහේතුකව. එත් ඩෑෂ් බෝඩ් රකේ අලවල තිබුණ බුදුපිලිමේ වටේට බේරිලා ඩෑෂ්බෝර් එක උණඅ වෙලා වැක්කෙරිලා.. අම්මෝ.. මතක් වෙනකොටත් බයයි ඒ මුහුණ දුන්න සිදු වීම්..
0 comments:
Post a Comment