හීං බන්ඩගේ මනෝකාය ලොකු හාමුදුරුවෝ සොයා එයි (Hin Banda)

හීං බන්ඩගේ මනෝකාය ලොකු හාමුදුරුවෝ සොයා එයි (Hin Banda) - Your Choice Way

ගෙදරට වෙලා ඉදලම එපා වෙලා නිසා මං අම්මගෙන් ඇහුවා ලොකු අම්මලගෙ ගෙදර යන්නද කියලා ඉස්සෙල්ලාම එපා කිව්වත් පස්සෙ කිව්වා තාත්තගෙන් අහලා යන්න කියලා ☺️☺️ ඒත් ඉතිං ඒකත් ලෝක විනාශෙ දිහා බලන් ඉන්නවා වගේ අමාරැ වැඩක් නිසා අම්මගෙ මාර්ගෙන්ම ඒ වැඩෙත් කරගත්තා  කොහොමින් කොහොම හරි මං ලොකු අම්මලගෙ දිහා ආවා දවස් දෙක තුනක් ඉදලා යන්න. ආවට පස්සෙයි දැනගත්තෙ එයාට තිබුන ලෙඩේ දැන් ගොඩක් වැඩි වෙලා  ලොකු අම්මගෙ ආමාශයේ ගැටිති තියෙන එක තමයි එයාගෙ අසනීපෙ කොච්චර වෙදකම් කලත් සුවයක් නම් තිබ්බෙ නෑ එදා හවස අපි ඔක්කොම එලියට වෙලා කතා කර කර ඉන්නකොට ලොකු අම්මගෙ දුව අමුතුම යොජනාවක් ගෙනාවා

" සුද්දි මගෙ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක්ටත් මෙහෙම ලෙඩක් තිබුනා එයාලා ඒ නැන්දව වෙද හාමුදුරැ කෙනෙක් ලගට එක්කන් ගියා දැන්නම් ඒ නැන්දට හොදටම හොදයි"

" ඉතිං අක්කෙ අපිත් ලොකු අම්මව එක්කන් යමුකො"  මාත් පැනපු ගමන් එහෙම කිව්වෙ ලොකු අම්මා මෙහෙම ඉන්නවා බල බල ඉන්න බැරි නිසාමයි

" ඔවු සුද්දි , එතනටවත් ගිහිං බලමු ඒ හාමුදුරුවෝ ගොඩක් බලගතු කෙනෙක්ලු "

ඔන්න ඉතිං අක්කා මං ආසම නැති මාතෘකාවට බැස්සා වෙදකම ගැන විශ්වාසෙ තිබ්බත් බලගතු දේවල් විද්‍යාවෙන් තහවුරැ වෙන්නැති නිසාම ඒ දේවල්වල වටිනාකමක් මටනම් පෙනුන්නෑ

පහුවදාම අපි ලොකු අම්මවත් එක්කගෙන හාමුදුරුවෝ වැඩ වාසය කරනවයි කියන පන්සලට යන්න පිටත් වුනා ගමේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන යනකොට ඒ මිනිස්සුත් ගොඩක් දේවල් හාමුදුරුවෝ ගැන කිව්වා හැබැයි ඉතිං මටනම් ඒ ඔක්කොම දේවල් මිත්‍යා විශ්වාස

අපි පන්සලට ලගා වෙනකොටම කියාගන්න බැරි තරම් සතුටකුත් හරිම අමුතු ආගමික හැගීමකුත් දැනෙන්න වුනා ඒ තරමටම නිස්කලංක පරිසරයක පිහිටි ලස්සන පන්සලක්

" අක්කෙ වෙද හාමුදුරැවොත් එක්ක ගිහිං කතා කරානම් හරි "
මං එහෙම කිව්වෙ හාමුදුරැ කෙනෙක් බොහොම සංවරව වඩිනවා දැක්ක නිසා

" යමු නංගා " එහෙමත් කියන ගමන් අක්කා මාවත් ඇදගෙන ගියා හාමුදුරැවො ගාවට

" අවසරයි අපේ හාමුරැවනේ"

" ඔය ඇත්තියො ආපු කාරනේ මං දන්නවා ලෙඩ තැනැත්තිවත් අරගෙන වෙද කුටියට එන්න"

අෆ්ෆට සිලි හාමුරැවන්ට දුර දක්නා නුවන තියෙයිද කොහෙද මං එහෙම කල්පනා කරන ගමන්ම ලොකු අම්මයි අක්කයි එක්ක වෙද කුටියට ගියා  බොහොම පිරිසිදු ගාම්භීර ස්ථානයක්

ලොකු අම්මගෙ අසනීපෙට හාමුදුරැවො බෙහෙත් නියම කරනකොටම මොන මොනවදෝ පෙරලෙන සද්දයක් කුටිය ඇතුලෙන් ආවා

" මොනවද හීං බන්ඩෙ හොයන්නෙ "

මං ඔළුව කරකව කරකව වට පිට බැලුවෙ හීං බන්ඩව බලන්න ඒත් කවුරැත් නෑනේ

" ඒ ටික ඔය කූඩෙ ඇතුලෙ ඉක්මනට හදලා ගෙනාවනම් "

හෑ හාමුදුරුවෝ තනියෙන් කතා කරනවද මං වික්ශිප්ත වෙලා හාමුදුරැවො දිහා බලන් හිටියා

" මනෝකාය ශරීරෙ අතෑරලා ගියාට ඉන්න තැනින් යන්න කල් ගතවෙනවා "

හාමුදුරුවෝ එහෙම කිව්වට ම⁣ටනම් මුකුත් තේරැන්නෑ මං ඒ නිසාමයි හාමුදුරැවන්ගෙන් මෙහෙම ඇහුවෙ

" එහෙමයි අපේ හාමුදුරැවනේ ඒත් ඔබ වහන්සේ කිව්ව දේ තේරැනේ නෑ "

" ඔය ඇත්ති බැලුවෙ මං කතා කරේ කවුරැ එක්කද කියලනෙ "

" එහෙමයි හාමුදුරැවනේ"

" ඒ අපේ පංසලේ හිටපු ඇබිත්තා උණ රෝගයක් වැලදුන නිසා ජීවිතෙන් සමුගත්තා "

මං ඒ ගැන හාමුදුරැවන්ගෙන් තව තව අහද්දි තමයි මේ දේවල් දැනගන්න ලැබුනෙ

හීං බන්ඩා කියන්නෙ පංසලේ හිටපු ඇබිත්තා හාමුදුරැවන්ට බොහොම ලැදියි වෙද හාමුදුරැවො ගාවට කවුරැ ආවත් සංග්‍රහයක් නොකර හීං බන්ඩා එයාලව යවන්නෑ බොහොම දාර්මිශ්ටයි එයාට වැලදුන රොගයෙන් ජීවිතෙන් සමුගත්තත් එයාගෙ මනෝකාය තාමත් පන්සලේ හීං බන්ඩා තමන්ගෙ අන්තිම හුස්ම පිට කරනවත් එක්කම මනෝකාය ඇවිත් තියෙන්නෙ හාමුරැවන්ව හොයාගෙන හාමුරැවන්ටත් මේ දේවල් දකින්න පුළුවං ඒ තරමටම මනස දියුණුයි. එදා ඒ ආත්මය හාමුදුරැවොත් එක්ක කතා කරලා කියලා තියෙනවා පෙර ආත්මයෙ කරපු අකුසලයක් නිසා නැවත මිනිස් ආත්මයක් ලබන්න බොහෝ කල් ගත වේවි ඒත් මට පිං ලබාදුන්නොත් මට බිත්තරයක උපත ලබාගන්න පුළුවං වේවි කියලා . ඒ නිසාම හීං බන්ඩගෙ ආත්මය තව දුරටත් පන්සගේ ඉදගෙන පිං රැස් කරගන්නවා තවත් දවසක් අපි පන්සලට ගියාම අහන්න පුළුවං උනේ හීං බන්ඩා ජීවයක් ලබලා කියලා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හීං බන්ඩගේ මනෝකාය ලොකු හාමුදුරුවෝ සොයා එයි (Hin Banda) හීං බන්ඩගේ මනෝකාය ලොකු හාමුදුරුවෝ සොයා එයි (Hin Banda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment