Gon Rajune Song Lyrics - ගොන් රජුුුනේ ගීතයේ පද පෙළ

Gon Rajune Song Lyrics - ගොන් රජුුුනේ ගීතයේ පද පෙළ
Song Title : Gon Rajune (ගොන් රජුුුනේ)
Performed by MasterD
Lyrics Written by MasterD
Prod By  MasterD
Mixed By Jude Perera
Mastered By Jude Perera
DOP Chathu Dayarathne


ඉන්නෙත් බර වෙල ඇස් යට කරවෙල
කන්නෙම පරවෙල යායපිටින්
ගැස්මට කොර වෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇගෙ පිපුණූ මල මත නූරු
රැස් වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු
රැස් වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ

මූණ දෙන්න බැරි හුගක් එවුන් දැං ඔටුවො කඩන් වැටුන පුටු
අම්මප අතට අහුවෙන්නැ මුන්ගෙ බොටු
මගෙ කම්මලෙ යකඩ තල හදන්නෙ ගොටු
උබට කන්නම ඕනිනං බැදපං ඉසකොටු

කොච්චර වැහිල තිබුනත් මගෙ ආකහේ
කොල්ලො රැප දෙන දෙන තරං මට පාටවේ
මං මුල කියවන්නෙ මොකටද පාඩමේ
හැම දෙන ඇලිල පෙගිල මේ නරාවලේ

ගත්තට කවුරුත් උස්සල බහිද්දි උබ ලොස්ද
උබෙ කටින් කියවන්න ඕනි මට ඩිස්ද
එලිසම රෙන්නද පිපෙන් නැති හත්තක මලක් උනු හබලෙම ඇද ගෙන යංද

පෝර අදුරන්නැති ගොවියො මෙන්න මේ පාටි දායි
බාර් එක පිටිපස්සෙ හිස් බෝතල් මෙන්න ආටි ගායි
ඇද වෙන්න බීල ගමෙ කොල්ලො මෙන්න පාටි දායි
කොච්චර ඇහැරිල හිටියත් බලන්න වෙන්නෙම නාට්ටි පහයි

ඉන්නෙත් බරවෙල ඇස් යට කරවෙල
කන්නෙත් පරවෙල යායපිටින්
ගැස්මට කොර වෙල පැත්තකින් ඇල වෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇද නටුවෙන් ගැහුව නලලෙ කටුවෙන්
කන්දට කොහොමත් පායන්නෙ හිරු හවස අඩුවෙන්
ගංතෙරෙ පුරෝල ඉන්න අන්දරෙ ගගෙ ගැටුමෙන්
මැද්දට තියල ඔතන්න කලිං කපන්නං කතුරෙන්

නින්ද යන්නෙ නැත්තං මල්ලි ගහන්න ඇද්ද මලක්
මගෙ එක වචනෙත් උබට දිග පහන් වැටක්
දැන ගත්තු ගමං ගැහුව මගෙ වත්ත වටෙ වැටක්
පොට ගන්න කලිං පැටිය පටලයි මුගෙ හොටත්

ඇගෙ පිපුණූ මල මත නූරු
රැස් වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු
රැස් වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ

ඉන්නෙත් බරවෙල ඇස් යට කරවෙල
කන්නෙත් පරවෙල යායපිටින්
ගැස්මට කොර වෙල පැත්තකින් ඇල වෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gon Rajune Song Lyrics - ගොන් රජුුුනේ ගීතයේ පද පෙළ Gon Rajune Song Lyrics - ගොන් රජුුුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment