ගාලික් බ්‍රෙඩ් හදමු (සුදුලුනු පාන් හදමු - Garlic Bread Hadamu)

ගාලික් බ්‍රෙඩ් හදමු (සුදුලුනු පාන් හදමු - Garlic Bread Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 පාන්පිටි කෝප්ප 1  ක්
  • 🎈 යීස්ට් තේ හැඳි 1 ක්
  • 🎈 සීනි මේස හැඳි 1 ක්
  • 🎈 කිරිපිටි මේස හැඳි 1 ක්
  • 🎈 ඔයිල් මේස හැඳි 1 ක්
  • 🎈 මෙල්ටඩ් බටර් කෝප්ප 1/4 ක්
  • 🎈 කැලි මිරිස් තේ හැඳි 1/2 ක්
  • 🎈 සුදුලුනු බික් 3,4 ක්
  • 🎈 කොත්තමල්ලි කොල මේස හැඳි 2 ක්
  • 🎈 මද උණුසුම් වතුර කෝප්ප 1/4 ක්
  • 🎈 අවශ්‍ය පමණ ලුනු (තේ හැඳි 1/4ක් පමණ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 භාජනයක් ගෙන එයට යීස්ට් ,සීනි සහ මද උනුසුම් වතුර එකතු කර මිශ්‍ර කරන්න.
  2. 💥 පියනකින් වසා විනාඩි 5,10 ක් පමණ තබන්න.
  3. 💥 පෙන දමමින් යීස්ට් ක්‍රියාකාරි වෙලා තියනවා ද බලන්න.
  4. 💥 දැන් එයට පිටි ,කිරිපිටි සහ ලුනු එකතු කර අනන්න. වතුර මදි වගේ නම් තව මේස හැන්ඳක් පමණ එකතු කර ගන්න.
  5. 💥 මෙම පිටි මිශ්‍රණය ට තෙල් මේස හැන්ඳක් එකතු කරමින් හොඳින් අනා ගන්න.
  6. 💥 දැන් පිටි ඉසගත් පැතලි මතුපිටක දමා විනාඩි 8,10 ක් පිටි මෝලිය සැහැල්ලුවෙන් අනා ගන්න.
  7. 💥 දැන් තෙල් තවරා ගත් භාජනයක පිටි මෝලිය දමා එහි මතුපිට ද තෙල් තවරා ඉටි කොලයකින් හෝ තෙත කිචන් ටවල් එකකින් වසා උනුසුම් තැනක  පැයක් තබන්න.
  8. 💥 අපිට ඒ අතරෙ ගාලික් බටර් එක හදා ගන්න පුලුවන් . බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න . කොත්තමල්ලි කොල සිහින්ව ලියා ගන්න . සුදුලුනු ග්‍රේටරයකින් සිහින්ව ගා ගන්න. දැන් මේ සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  9. 💥 පැයකට පසු පිටි මිශ්‍රණය දෙගුණයක් වෙලා තියනවා , දැන් පිටි මෝලිය පිටි අල්ලෙන් තෙරපමින් වාතය ඉවත් කරන්න.
  10. 💥 නැවත විනාඩි 2,3 ක් පිටි මෝලිය අනා ගන්න.
  11. 💥 දැන් පිටි ඉසගත් මතුපිටක දමා පිටි මෝලිය රවුමට තුනී කර ගන්න.
  12. 💥 බේකින් පේපර් එකක් එලා ගත් තැටියක තුනී කර ගත් පිටි මිශ්‍රණය දමන්න.
  13. 💥 දැන් ඒ මත ගාලික් බටර් ආලේප කර ගන්න . කෑලි මිරිස් උඩින් ඉස ගන්න. අවශ්‍ය නම් ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක් එකතු කරන්න.
  14. 💥 ඊලඟට මෙය දෙකට නවා පැටිස් එකක් සීල් කර ගන්නා ආකාරයට වටේ ඇඟිලි වලින්  තද කරමින් සීල් කර ගන්න.
  15. 💥 දැන් නවා ගත් පාන් එක මතුපිට ගාලික් බටර් තවරා ගන්න . කෑලි මිරිස් ඉස ගන්න .අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ටිකක් ඉස ගන්න . පිහියකින් අවශ්‍ය ප්‍රමාණය ට කැපුම් දා ගන්න. (කැපී වෙන් වෙන්න නෙවෙයි ඉරි ගසා ගන්න)
  16. 💥 දැන් 180 ° C න් රත් කරගත් අවන් එකක විනාඩි 20, 25ක් පමණ බේක් කර ගන්න.(ඔයාලගෙ අවන් අනුව උශ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් ,ඒනිසා මතුපිට රන්වන් පැහැ වනතුරු බේක් කර ගන්න)

❤️ මේ සුදුලුනු පාන් එක බේක් වෙද්දී මුලු ගෙදර ම සුවඳයි ,ඒවගේම ඉතාමත් රසයි , එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ ❤️ සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
ගාලික් බ්‍රෙඩ් හදමු (සුදුලුනු පාන් හදමු - Garlic Bread Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගාලික් බ්‍රෙඩ් හදමු (සුදුලුනු පාන් හදමු - Garlic Bread Hadamu) ගාලික් බ්‍රෙඩ් හදමු (සුදුලුනු පාන් හදමු - Garlic Bread Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment