Gaga Yanne Koheda Gala Song Lyrics - ගඟ යන්නෙ කොහෙද ගලා ගීතයේ පද පෙළ

Gaga Yanne Koheda Gala Song Lyrics - ගඟ යන්නෙ කොහෙද ගලා ගීතයේ පද පෙළ

Gaga Yanne Koheda Gala Song Lyrics - ගඟ යන්නෙ කොහෙද ගලා ගීතයේ පද පෙළ
Song Title : Gaga Yanne Koheda Gala (ගඟ යන්නෙ කොහෙද ගලා)
ගායනය : ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල 
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
අනුකාරක ගීයක් ද ස්වතන්ත්‍ර නිර්මානයක්ද යන්න නොදනී.
1965 දී තිරගතවූ "යට ගිය දවස" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.මෙහි ඇතුළත් වන්නේ සිනමා කෘතියෙන්ම උපුටා ගත් ගායනය හා මුල් පද රචනයයි.
"එකම වෙණ තතෙහි පියේ නෙක මිහිරී තනු වැයේ" ලෙස වූවා නම් වඩාත් අලංකාර යයි හඟිමි.


ආහා හා.....
ආ හා.....
ආ හා හා.....
ආහහා හහා හා හා......

ගඟ යන්නෙ කොහෙද ගලා //
සාගරයෙ ජලය බලා (අහා)
යයි දවස අඳුර සොයා
සඳ කැන් මුහුදට ගියා (ම්හ්)
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා

සිතුවිලි පිබිදෙන සිතේ //
සෙනෙහසට බැඳී යතේ (අහා)
සිත ඒද කොතැන කරා
ආදරයෙ රසය උරා (ම්හ්)
සිතුවිලි පිබිදෙන සිතේ
සෙනෙහසට බැඳී යතේ

මහ රැසකි ගුවනෙ වලා
එක අහසකි තැනිතලා //
එකම වෙණ මතෙහි පියේ
නෙක මිහිරී තනු වැයේ

ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳ කැන් මුහුදට ගියා
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා

මේ ලොවෙහි රස හුඟයි
ඒ නමුදු එක දිවයි // 

තරුණ හදේ හැඟුම් පෙළයි
එක අඟනා එය තනයි //

රුව රුවට හාවුණා
හද හදට පෑහුණා //

නෙත නෙතට ලක්වුණා
හිත හිතට එක්වුණා //

රස රසට මුසුවුණා
අම මිහිර බේරුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaga Yanne Koheda Gala Song Lyrics - ගඟ යන්නෙ කොහෙද ගලා ගීතයේ පද පෙළ Gaga Yanne Koheda Gala Song Lyrics - ගඟ යන්නෙ කොහෙද ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment