බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞

බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 - Your Choice Way

අද මං ඔයාලට ගෙනාවෙ රසවත් අතුරුපසක් . දවසක් පරන සැන්ඩ්විච් පාන් වලින් පහසුවෙන් හදා ගන්න පුලුවන් , ඒවගේම ඉතාම රසවත් 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 පාන් පෙති 6 ක් (සැන්ඩ්විච් පාන් වඩාත් හොඳයි)
  • 🎈 කිරි කෝප්ප 2 ක්
  • 🎈 කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 ක්
  • 🎈 වතුර කෝප්ප 1/2 ක් (කස්ටඩ් දියකර ගැනීමට)
  • 🎈 සීනි කෝප්ප  1/2 ක්
  • 🎈 වැනිලා ටිකක් 

කැරමල් එක සඳහා : 
  • 🎈 සීනි කෝප්ප 1/2 ක්
  • 🎈 වතුර මේස හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම පාන් පෙතිවල  වටේ දුඹුරු පැහැ කොටස් කපා ඉවත් කරන්න.
  2. 💥 පාන් පෙති  වල මැද කොටස් ගෙන කුඩා කොටස් වලට කපා සිහින් වනතුරු ග්‍රයින්ඩ් කර ගන්න.
  3. 💥 ඊලඟට භාජනයක් ගෙන එයට සීනි කෝප්ප 1/2 සහ වතුර මේස හැඳි 1  එකතු කර රත් කරන්න .හැඳි ගාන්න එපා.
  4. 💥 සීනි දියවී රන්වන් පැහැයට හැරුන විට හැඳි ගා ලිපෙන් ඉවතට ගන්න.
  5. 💥 දැන් පුඩිං එක දමන බඳුනට මේ කැරමල් ටික දමා වටේ විසුරුවා ගන්න.
  6. 💥 ඊලඟට වතුර කෝප්ප 1/2 ක කස්ටඩ් පවුඩර් දිය කර ගන්න.
  7. 💥 දැන් භාජනයක් ලිප තබා කිරි සහ සීනි කෝප්ප 1/2 එකතු කර හැඳි ගාමින් රත් කරන්න.
  8. 💥 ටිකක් රත් වූ පසු දියකර ගත් කස්ටඩ් එකතු කර විනාඩි දෙකක් පමණ හැඳි ගාමින් රත් කර ගන්න.
  9. 💥 ඊලඟට සිහින්ව ග්‍රයින්ඩ් කර ගත් පාන් කුඩු ටික එකතු කර හොඳින් කිරි සමග මිශ්‍ර වනතුරු හැඳි ගාන්න.
  10. 💥 දැන් වැනිලා එකතු කර මිශ්‍ර කර ගන්න.
  11. 💥 ලිපෙන් ඉවතට ගෙන කැරමල් දමා සකස් කල භාජනයට මේ පාන් මිශ්‍රණය දමන්න.
  12. 💥 භාජනය ෆොයිල් කොලයකින් හෝ පියනකින් හොඳින් වසා විනාඩි 30 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
  13. 💥 තම්බාගත් පුඩිං එක නිවෙන්න තබන්න.
  14. 💥 පසුව පැය දෙකක් පමණ ශීතකරණයේ තබා ඉවතට ගෙන වටේ සෙමින් බුරුල් කොට අනෙක් පැත්ත දමා ගන්න.
💥 දැන් ඉතිං රස විඳින්න පුලුවන් 😍සැකසුම : ©, නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 - Your Choice Way

බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 - Your Choice Way

බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 බිත්තර රහිත පාන් පුඩිං හදමු (Eggless Bread Pudding Hadamu) 🍞🍮️🍞 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment