Dukini Thaniwama Iwatha Yanne Song Lyrics - දුකිනි තනිවම ඉවත යන්නේ ගීතයේ පද පෙළ

Dukini Thaniwama Iwatha Yanne Song Lyrics - දුකිනි තනිවම ඉවත යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Dukini Thaniwama Iwatha Yanne (දුකිනි තනිවම ඉවත යන්නේ)
ගායනය : මොරිස් දහනායක


දුකිනි තනිවම ඉවත යන්නේ
මගේ ගම රට හැරදමා
හරිම ආසයි යන්න ඇත්නම්
තවත් සැරයක් ඔබ බලා
නමුත්, මාගෙ රන්කඳ පිය ලඳේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුදට සුදු පෙණ සෙමර සලමින්
වෙරළ සිප එන හැටි පෙනේ
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස
ඔබට මුතු මාලා ගෙනේ
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුමුදුපානී ඔබේ අත ගෙන
බඹර ‍රැව් පෙම් ගී ගයා
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ
නමට බැන්දෙමි රස සොයා
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

ලඳේ මේකයි කදෝකෙමි නිල්
පබළු ඉහිරෙන රසික කාලය
මගේ මුළු ළය මඬල නළවන
ගීතවත් වුණු උමතු ආලය
මාගේ රසවති සඳවතී
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukini Thaniwama Iwatha Yanne Song Lyrics - දුකිනි තනිවම ඉවත යන්නේ ගීතයේ පද පෙළ Dukini Thaniwama Iwatha Yanne Song Lyrics - දුකිනි තනිවම ඉවත යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment