කස්ටඩ් ෂර්බ්ට් හදමු (Custard Sherbet)

කස්ටඩ් ෂර්බ්ට් හදමු (Custard Sherbet) - Your Choice Way

මේ රස්නෙ දවස්වල  කදිමට ගැලපෙන පානයක් මං ඔයාලට අරන් ආවා.අපි හදන විදිය බලමු. 

මුලින්ම ජෙලි එක හදා ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍓 ජෙලි පැකට් එකක් ( ස්ට්‍රෝබෙරි)
  • 🍓 උතුරවා ගත් වතුර මිලි ලීටර් 400 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍓 උතුරවා ගත් වතුර වලට පැකට්ටුවේ ඇති මිශ්‍රණය එකතු කර හොඳින් දියකර පැතලි භාජන 2 කට වෙන්කර ගන්න.
  2. 🍓 ඉන් එක  භාජනයක ඇති ජෙලි මිශ්‍රණය ට ඔයාලා කැමති ෆුඩ් කලරින් බිඳු කිහිපයක් එකතු කර මිශ්‍ර කර නිවෙන්න තබන්න.(අපට පාට දෙකක ජෙලි හදා ගන්නයි මෙහෙම කරන්නේ)
  3. 🍓 නිවුනු පසු සෙට් වීමට ශීතකරණයේ තබන්න.
  4. 🍓 හොඳින් මිදුනු පසු ජෙලි මත ඉරි ඇඳ කොටු හැඩයට කපා ගන්න.

🍶 ඊලඟට කස්ටඩ් මිල්ක් එක සාදා ගැනීම.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍬 කිරි ලීටර් 1 ක්
  • 🍬 කස්ටඩ් කෝප්ප 1/4 ක් හෝ කෝන්ෆ්ලාර් කෝප්ප 1/4 ක් ( කෝන්ෆ්ලාර් පාවිච්චි කරනවා නම් වැනිලා තේ හැඳි 1 ක් එකතු කර ගන්න .)
  • 🍬 සීනි කෝප්ප 1/2 ක් ( රස අනුව ඔයාලා කැමති විදියට අඩු වැඩි කර ගන්න පුළුවන් )
  • 🍬 ලුණු පිංචක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍬 භාජනයක් ගෙන එයට කිරි, කස්ටඩ් ,සීනි සහ ලුණු එකතු කර හොඳින් දිය කර ගන්න .
  2. 🍬 දැන් භාජනයක් ලිප තබා එයට මේ මිශ්‍රණය පෙරා ගන්න .
  3. 🍬 කැටි නොගැසෙන ලෙස හැඳි ගාමින් මිශ්‍රණය උතුරවා ගන්න. ගොඩාක් ඝන වනතුරු තියන්න එපා.
  4. 🍬 ලිපෙන් ඉවතට ගෙන විටින් විට හැඳි ගාමින් නිවෙන්න හරින්න.
  5. 🍬 නිවුනු පසු ශීතකරණයේ තබා ගන්න .

🍚 සවු සකස් කර ගැනීම.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍚 වතුර කෝප්ප 4 ක්
  • 🍚 සවු කෝප්ප 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍚 සවු සෝදා වතුර එකතු කර ලිප තබා විටින් විට හැඳිගාමින් පිස ගන්න.සවු විනිවිද පෙනෙන තුරු පිසින්න.
  2. 🍚 දැන් පෙරනයක් ගෙන සවු ටික පෙරා ඇල් ජලයෙන් සෝදා ගන්න.

🥣 කස ඇට/ බැසිල් සීඩ්ස්

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥣 කස ඇට මේස හැඳි 1 ක්
  • 🥣 වතුර කෝප්ප 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🥣 කස ඇට සෝදා වතුර එකතු කර විනාඩි 10 ක් පෙඟෙන්න තබන්න.
  2. 🍹 දැන් සියල්ල සූදානම් , කස්ටඩ් මිල්ක් එක හොඳින් නිවිලා තියෙන්න ඕන.
  3. 🍹 දැන් මේ කස්ටඩ් මිල්ක් එක භාජනයකට දා ගන්න.
  4. 🍹 එයට කස ඇට , පෙරා ගත් සවු සහ ජෙලි කැබලි එකතු කරන්න.
  5. 🍹 හොඳින් මිශ්‍ර කරන්න.
  6. 🍹 ඔයාලට තියෙනවා නම් වියලි මිදි , රට ඉඳි කැබලි සහ කජු හෝ ආමන්ඩ් කපා එකතු කර ගන්න පුළුවන්.
  7. 🍹 පිලි ගන්වන විට අයිස් කැට කිහිපයක් එකතු කර පිලි ගන්වන්න.
ඔයාලට මේක ගොඩාක් දිගට ලියපු නිසා අමාරු දෙයක් වගේ පෙනෙයි. මේක ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් , ඒවගේ ගොඩාක් රසවත් .ඔයාලත් හදලා බලන්න 😊 සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
කස්ටඩ් ෂර්බ්ට් හදමු (Custard Sherbet) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කස්ටඩ් ෂර්බ්ට් හදමු (Custard Sherbet) කස්ටඩ් ෂර්බ්ට් හදමු (Custard Sherbet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment