බිම්මල් ඔම්ලට් හදමු (මෂ්රූම් ඔම්ලට් - Bimmal Omelette Hadamu)

බිම්මල් ඔම්ලට් හදමු (මෂ්රූම් ඔම්ලට් - Bimmal Omelette Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌀 බිම්මල්  150g ක් පමණ
  • 🌀 බිත්තර 2 ක්
  • 🌀 බී ලූනු ගෙඩියක්
  • 🌀 ලියාගත් අමු මිරිස් කරල් දෙකක් පමණ
  • 🌀 සිහින්ව කපා ගත් සුදුලූනු බික් දෙකක් පමණ
  • 🌀 කොත්තමල්ලි කොල ටිකක් (අනිවාර්ය නැහැ)
  • 🌀 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🌀 කෑලි මිරිස්  ටිකක්
  • 🌀 කහ කුඩු ස්වල්පයක්
  • 🌀 රස අනුව ලුනු
  • 🌀 තෙල් හෝ බටර් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම බිම්මල් සෝදා වතුර ඉවත් කර ගන්න.
  2. 💥 ඊලඟට බිම්මල් කුඩා කෑලි වලට කපා ගන්න.
  3. 💥 බී ලූනු ගෙඩියද සිහින්ව කපා ගන්න.
  4. 💥 දැන් බඳුනක් ලිප තබා බටර් හෝ තෙල් මේස හැන්දක් පමණ දමා රත් කරන්න.
  5. 💥 රත් කරගත් තෙලට ලියාගත් සුදුලූනු එකතු කරන්න.
  6. 💥 පසුව බී ලූනු, අමු මිරිස් එකතු කරන්න.
  7. 💥 ටිකක් තෙම්පරාදු වනවිට බිම්මල් එකතු කරන්න.
  8. 💥 කෑලි මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  9. 💥 කැමති නම් අමු තුනපහ තේ හැඳි 1/2 ක් පමණ එකතු කරන්න.
  10. 💥 බිම්මල් හොඳින් තැම්බී වතුර සිඳුන විට ලිපෙන් ඉවතට ගන්න.
  11. 💥 දැන් බිත්තර දෙකක් ගසා ගන්න.
  12. 💥 ගසාගත් බිත්තර වලට ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  13. 💥 දැන් තැටියක් ලිප තබා තෙල් ටිකක් දමා එය රත් වන විට ගසා ගත් බිත්තර එකතු කර රවුමට කරකවා හැඩය හදා ගන්න.
  14. 💥 බිත්තරය ටිකක් බැදුන පසු සකසා ගත් බිම්මල් මිශ්‍රණය බිත්තරය මැදට දමන්න . අවශ්‍ය නම් චීස් ටිකක් ,කොත්තමල්ලි කොල ටිකක් ඒ මත දමන්න.
  15. 💥 දැන් බිත්තරය  දෙපැත්ත නවාගන්න.

ඔන්න එහෙනම් ඔම්ලට් එක ලෑස්තියි , රස බලන්න පුලුවන් 😍 ඔයාලත් හදලා රස කියන්නකෝ 👩‍❤️‍👩සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බිම්මල් ඔම්ලට් හදමු (මෂ්රූම් ඔම්ලට් - Bimmal Omelette Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිම්මල් ඔම්ලට් හදමු (මෂ්රූම් ඔම්ලට් - Bimmal Omelette Hadamu) බිම්මල් ඔම්ලට් හදමු (මෂ්රූම් ඔම්ලට් - Bimmal Omelette Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2022 Rating: 5

0 comments:

Post a Comment