බත් වලින් දොදොල් හදමු (Bath Walin Dodol Hadamu)

බත් වලින් දොදොල් හදමු (Bath Walin Dodol Hadamu) - Your Choice Way

ඔන්න මං අද ඔයාලට අරන් ආවෙ ඉතුරු බත් වලින් හදා ගන්න පුළුවන් රසම රස දොදොල් ටිකක්. ඇත්තටම බත් වලින් හදලා කියලා හිතා ගන්න බැරි තරම් නියම දොදොල් රස තියෙනවා. තේ වෙලාවට බිස්කට් කන්න බෑ ගිනි ගනන් කිය කිය ඉන්නෙ නැතුව ඔන්න ඔයාලටත් පුළුවන් මේ වගේ ඉතිරි වෙලා ඉවත දමන බත් වලින් රසවත් කෑමක් හදා ගන්න  😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🧡 බත් කෝප්ප 3 ක්
  • 🧡 මිටිකිරි කෝප්ප 4 ක් පමණ 
  • 🧡 සීනි කෝප්ප 1 1/2 ක්
  • 🧡 කැරමල් සඳහා සීනි කෝප්ප 1/4 ක්
  • 🧡 ලුණු ස්වල්පයක් 
  • 🧡 එනසාල් කුඩු ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💚 මුලින්ම බත් වලට කිරි ටික ටික එකතු කරමින් සිනිදු තලපයක් වනසේ ග්‍රයින්ඩ් කර ගන්න.
  2. 💚 අඩිය ඝනකම තාච්චියක් ගෙන එයට ග්‍රයින්ඩ් කරගත් බත් පේස්ට් , ඉතුරු මිටිකිරි , ලුණු සහ සීනි කෝප්ප 1 1/2 එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. (කිරි ප්‍රමාණය මදි වගේ නම් තව එකතු කර ගන්න .ඒත් ගොඩක් වැඩි කර ගන්න එපා බත් තැම්බිලා තියන නිසා)
  3. 💚 පසුව සීනි කෝප්ප 1/4 ක් සහ වතුර මේස හැඳි 1 ක් එකතු කර සීනි කැරමල් කර බත් මිශ්‍රණය ට එකතු කරන්න.
  4. 💚 දැන් ලිපේ තබා ඝනවන තුරු හැඳි ගාන්න.
  5. 💚 ඝන වන විට එනසල් කුඩු එකතු කර නොනවත්වා හැඳි ගාන්න.
  6. 💚 මිශ්‍රණය ගුලියක් ලෙස එකට එකතු වූ පසු තෙල් තවරා ගත් තැටියක දමා තුනීකර නිවුනු පසු කෑලි කපා ගන්න.
  7. 💚 මං මේකට කබලේ යාන්තම් බැදගත් සවු ටිකක් උඩින් ඉස ගත්තා , ඔයාලට ත් පුළුවන් සවු හෝ කජු කෑලි ටිකක් උඩින් ඉස ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බත් වලින් දොදොල් හදමු (Bath Walin Dodol Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බත් වලින් දොදොල් හදමු (Bath Walin Dodol Hadamu) බත් වලින් දොදොල් හදමු (Bath Walin Dodol Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment