Ambalame Pina Song Lyrics - අම්බලමේ පිනා ගීතයේ පද පෙළ

Ambalame Pina Song Lyrics - අම්බලමේ පිනා ගීතයේ පද පෙළ
Song Title : Ambalame Pina (අම්බලමේ පිනා)
ගායනය : සුනිල් සාන්ත සහ පිරිස
පද : සිංහල කෙළි සැහැල්ලක් පාදක කොට සුනිල් සාන්ත විසින් පබැඳුනි.
තනුව : සුනිල් සාන්ත


අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා //

හොඳම නැවුම් වළං
පන්සල ළඟ පොළෙන්
අපට ගෙනත් දියන්
ගන්න ගාන ගනිං //

අම්බලමේ පිනා (පිනා)
වළං කදක් ගෙනා (ගෙනා)
ඒක බිඳපු ගොනා (ගොනා)
උඩ පැන පැන හිනා (හිනා)

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අපේ ගමේ වළං
තලන තුරුණු ලියන්
අතින් හැදෙන නැවුම්
වළං අගෙයි බොලන් //

අම්බලමේ පිනා (පිනා)
වළං කදක් ගෙනා (ගෙනා)
ඒක බිඳපු ගොනා (ගොනා)
උඩ පැන පැන හිනා (හිනා)

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

බරබාගේ ගොනා
බැඳගත්තා පිනා
කදමුල්ලට වුණා
පිනාට හරි හිනා //

අම්බලමේ පිනා (පිනා)
වළං කදක් ගෙනා (ගෙනා)
ඒක බිඳපු ගොනා (ගොනා)
උඩ පැන පැන හිනා (හිනා)

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

වළං වළං වළං
හොඳම නැවුම් වළං
කවුද ගන්නෙ වළං
මෙන්න මෙන්න වළං //

අම්බලමේ පිනා (පිනා)
වළං කදක් ගෙනා (ගෙනා)
ඒක බිඳපු ගොනා (ගොනා)
උඩ පැන පැන හිනා (හිනා)

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා ////

ගීයට පාදක වූ කෙළි සැහැල්ලෙන් කියැවෙන්නේ ගැඹුරු අරුතක් බව ‍දන්නෝ ඉතා සුළු පිරිසකි. ඉහත ගීයේ පද ගෙතූ සුනිල් සාන්ත ශූරින් පවා එවකට එය දැන සිටියා දැයි සිතෙන්නේ, ඒ ගැඹුරු අරුත ගීය තුළින් කිසි විටෙකත් ඉස්මතු නොවන නිසාය.

ළමුන් අතර වඩාත් ප්‍රසාදයට පත් කාව්‍යයක් ලෙස මිස අප පුංචි අවදියේ පවා මේ කව යට වූ අරුත මේ යයි දැන සිටියේ නැත.

විකිපීඩියා හී ඇති විස්තරයකට ඔබව යොමු කරවමි.

උපුටා ගැනීම
'අම්බලමේ පිනා පිනා වළං කඳක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා

මේ ළමා කෙළි සැහැල්ලෙන් කියාපාන්නේ ආනාදීමත් කාලයක සිට සිංහල වර්ගයා තුළ පරම්පරාවෙන් පරම්පරාවට බැවහැරව ගිය ජීවිත තත්ත්වය පිළිබඳ ගාම්භීර විවරණයකි. සාමාන්‍ය සිංහල ගැමියා ද මහා දාර්ශිනිකයෙකු මෙන් ජීවිතයේ නිස්සාර භාවය දැකීමටත් ඉපදීම් මැරීම් සංඛ්‍යාත මේ ජීවිතය ගැන සැහැල්ලුව සිතා අනවශ්‍ය දුක් දොම්නස් වලින් ඉවත් වීමටත් පුරුදු වන සැටි මෙයින් පෙනේ.

පිනා අම්බලමට වලන් කඳක් ගෙනාවේ ය. ගොනා ඒක බිඳපි. ඒකට මට හිනා ය.

පිනා හෙවත් කර්මක ශක්තිය මේ ලෝකයෙහි තාවකාලික පැවැත්ම වන පඤ්චස්කන්ධයක් නොහොත් පස්වලින් සැදූ වළං කඳක් ගෙනා‍වේය. ගෞතම නායකයානන් වහන්සේ එය බිඳ දැම්මේ ය. පිනාට නැවතත් කරගහගෙන යෑමට වළං කඳක් දැන් නො මැත, හෙවත් දුක් සහිත වූ මේ සංසාර ගමන කෙළවර කර ගත හැකි ක්‍රියා මාර්ගය ගෞතම බුදුන්වහන්සේ විසින් පෙන්වා වදාළ සේක. ප්‍රීතියකි. අහෝ එය මට මහත් ප්‍රීතියකි.'

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ambalame Pina Song Lyrics - අම්බලමේ පිනා ගීතයේ පද පෙළ Ambalame Pina Song Lyrics - අම්බලමේ පිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment