Mathaka Rupa Song Lyrics - මතක රූප ගීතයේ පද පෙළ

Mathaka Rupa Song Lyrics - මතක රූප ගීතයේ පද පෙළ
Song Title : Mathaka Rupa (මතක රූප)
Artists : Vish Teezy & MOWI
Lyrics : Vish Teezy
Produced By : @SAKIYO Beats @09cent Records
Mix & Mastered : @SAKIYO Beats @09cent Records
Recorded @09cent Music Studio
Lyrical Visualizer : Manuka Hasitha @09cent Records
Streaming Artworks : Himesh Keshan | Design Ayo & Amo


මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ
මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ

මගේ හදවත විලක් නම් උඹ තමා කුමාරිකාව පතුලට බැස්ස
මං මතක වැස්සේ තෙමෙනවා තාමත් කියයි තතු පහුවදාට කැස්ස
තැව්ව දුක හොඳම කවටයත් උඹයි කෙල්ලේ හමු වුනු ඒකයි ඇත්ත
උඹ ගැන අනාවැකි කියද්දි යාළුවෝ මං රැවටිලයි ගත්තේ උඹේ පැත්ත

පසුතැවෙන්නයි වෙන්නේ කෙල්ලේ උඹට කන්න වෙන්නේ මගේ නියඟලා වදන්
මතු දවසක උඹත් හඬයි කලක් මං වගේ හිටපු නිහඬව හඬන්
දුක තද කරන් වේලෙන්න වෙයි වැස්සක් එනකන් ඉඩෝරය දෙස බලන්
උඹේ තනියට හෙවනැල්ලවත් ළඟ නැති දවසක් ඒවී අහසම කළු කරන්

මට ඇති දුක උඹට කොයින්ද මේ කතාවේ වරදකරු කළා මාව
මං ඒ මතක රූප දඟගෙට කොටු වුන සිරකරුවෙක් වගේ තාම
අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා පාළු මකන්නට මං ගාව
හිර කරනවා මං උඹේ අහංකාරකම යකඩ කටු පදයි මගේ දාම

අද වගේ මතකයි තාමත් මාව වසඟ කළ උඹේ ලතාව
පණ දෙන්න තමයි ළඟ හිටියේ
ඒත් උඹ අවසන් කළානේ කතාව
පතාන ආවත් ආයෙම ඇහැරවන්න මං ආස නෑ හිටිය සතාව
මේ ගමන තමයි මං උඹව හමු වෙන්න ආපු අවසන් වතාව

මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ
මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ

මම වෙරලේ කළු ගලක් වෙන කොට උඹ වුනා වැල්ලට ආපු සැඩ රළක්
මං උඹට දුන්න මලක් ගානේ මගේ ළඟට ඇවිත් උඹ ගැහැවෙම ගලක්
මුල්ම කාලේ තිබ්බ සෙනෙහස අඩුවෙන කොට ලොවෙත් හිතුනා වෙන්නෑ ඵලක්
ඒ මතක කැරකෙනවා ඔලුවේ තාමත් මැකී යන්නෑ තිස්සෙම කලක්

ඕනේ තරම් තිබුණත් මට වාර මේ හිත ඉඩ දුන්නෑ උඹව වනසන්න
පවසන්න බොහෝ දේ තිබුණත් වැන්දේ නෑ මම නම් උඹව නවතන්න
ඉවසන්න කතාවේ තැන් ගොඩයි අවසානේ කවුරුවත් නෑ සනසන්න
ඔව් මගේ හිත බොරදිය වගේ ආයෙත් උඹ ඇවිත් තවත් එපා කලතන්න

මේ කතාවේ වැරදුනු තැන් ගොඩයි
ඒ වැරදි මකන්න කෙල්ලේ උඹ බොරු දොඩයි
මඟ තනි වුනේ උඹේ බොරු නිසයි
අනේ කෙල්ලේ එපා බොරු උඹේ ආලේ හරි විසයි

ලස්සන මලක් උඹ විලක පිපුණු
මං ඒ විල පතුලේ එක ගලකි තිබුණු
ලෝකයක් නෑ මට කොහොමත් ආදරේ පිරුණු
මේ වෑයම මකන්න උඹේ සිත්තම මගේ හදවතේ ඇඳුණු

හදවතේ ඇඳුණු
හදවතේ ඇඳුණු
හදවතේ ඇඳුණු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Rupa Song Lyrics - මතක රූප ගීතයේ පද පෙළ Mathaka Rupa Song Lyrics - මතක රූප ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment