Mal Rap Jathakaya Song Lyrics - මල් රැප් ජාතකය ගීතයේ පද පෙළ

Mal Rap Jathakaya Song Lyrics - මල් රැප් ජාතකය ගීතයේ පද පෙළ
Song Title : Mal Rap Jathakaya (මල් රැප් ජාතකය)
Written & Performed by : Dulan ARX
Director : Praveen Samarathunga
DOP, Editor & Colorist : THEEV ABEY
Concept, Creative Director : Dulan ARX
Music : Taizy On Da Track
Additional Arrangements, Mixed & Mastered by : Dr.BSking @ Wave Park Studios
Production Manager : Praveen Samarathunga @ Six Designs.inc
Makeup Artists : Vinu Alwis


මං බූමරංගෙ වගේ කැරකෙන්නේ ඔළු අතරේ
වෙන්නේ නෑ නතරේ දැන් පැද්දෙන්නකෝ මිතුරේ
රාමුවෙන් බැහැරේ දුක නසන යතුරේ
මගේ තාලෙට ගැස්සිලා කොල්ලෝ නිමල් උනත් ඇහැරේ

ආහ්
මං දන්නෝ යට පඩියේ රඟේ... ආහ්
බලපං උඩ පඩියේ රඟේ... ආහ්
හැබැයි දෙපතුල් බිම මගේ
තප්පුලපන් තව ඒවා වදින්නෑ මගේ ඇඟේ... wooh

අපි මේකෙන් කාලා ඇඳලා ඉද්දි ඇයි ? (ඇයි)
තොපේ ඇඟේ නටන්නෙම මාළු ඒයි (ඒයි)
ඉරිසියාවනන් ඉරිසියාව බ්‍රෝ (haha)
දන්නවා නම් පුටින් උනත් ඇඹරෙයි (hooo)

හතුරයි කලේ මාව මුවහත්
සෙල්ලමේ “unicorn” වැටුනත් නැගිට්ටා මං ආයේමත්
හිටවයි බතල කටින් හැබැයි ක්‍රියාවයි වැදගත්
පිල්ලි කුහක මුන්ගේ ඇඟ පුරාම අරක්ගත්

මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි
සීන් එකේ ඉන්නේ

පාගල් එකේ යන්නේ (යන්නේ)
තෙල් නෑනේ හංගන්නේ (ගන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි 
සීන් එකේ ඉන්නේ

සිහි කැඳවීමයි සංගීතේ අතීතයක්
ආපස්සට හැරිලා බලපං ආයේ දශකයක්
දාලා ගිය ගෑනි නිසා එකම විලාපයක්
කොල්ලෝ හැපි හැපී අඬයි අවසානේ මරණයක්

ඒවා තමා අපිනං දැකපු “මල් සිංදු”
ආත්ම ගරුත්වය බිංදු දරාගැනීමද බිංදු
විශාදයෙන් පනින රිලවට ඉනිමං බැන්දූ
ඒකයි පෑනෙන් හෙව්වේ වෙනසක් කලාවේ සිංදු

මුන් දන්නේ genre දෙකයි 
එකක් රැප් (Rap) එකක් “මල්”
අපි ලෝකෙත් එක්ක දුවයි තොපි එක තැන පල් (yeah)
ඔළු කාලා පොඩි උන්ගේ ඒවා වෙලා කුරුවල්
කියා දියන් මුන්ට සංගීතේ except “මල් රැප්”

Shout out to චමා, ස්මෝකා, ශානා උඩටම නගිමු පඩි
කයිස් (Kaiz( උඹ කිව්වා හරි මටත් වැරදිලා තිබුණා අඩි
දෙයියෝ දුන්නෑ මල්ලි අහසට තියනකන්ම වෙඩි 
රැප් (Rap) සිංදු විතරක් කරන්නං මාසෙට ගෙවපන් පඩි

මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි 
සීන් එකේ ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Rap Jathakaya Song Lyrics - මල් රැප් ජාතකය ගීතයේ පද පෙළ Mal Rap Jathakaya Song Lyrics - මල් රැප් ජාතකය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2022 Rating: 5

0 comments:

Post a Comment