Gela Wata Banda Wu Muthu Pote Song Lyrics - ගෙල වට බැන්දා වූ මුතු පොටේ ගීතයේ පද පෙළ

Lihinin Rana Piyasalanne Song Lyrics - ළිහිණින් රෑන පියාසලන්නේ ගීතයේ පද පෙළ

Song Title : Gela Wata Banda Wu Muthu Pote (ගෙල වට බැන්දා වූ මුතු පොටේ)
ගායනය : නිරංජලා සරෝජිනී සහ ප්‍රියා සූරියසේන
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය : ප්‍රියා සූරියසේන


ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතුමැණිකේ ලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා //

ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට  මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ //

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට  මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gela Wata Banda Wu Muthu Pote Song Lyrics - ගෙල වට බැන්දා වූ මුතු පොටේ ගීතයේ පද පෙළ Gela Wata Banda Wu Muthu Pote Song Lyrics - ගෙල වට බැන්දා වූ මුතු පොටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment