Andara Lande Song Lyrics - අන්දර ලන්දේ ගීතයේ පද පෙළ

Andara Lande Song Lyrics - අන්දර ලන්දේ ගීතයේ පද පෙළ
Song Title : Andara Lande (අන්දර ලන්දේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : විජිත් කණුගල
තනුව හා සංගීතය : කරුණාරත්න වජේවර්ධන


අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා //

වෙල්මාවේ අඬහැරය ගොළුවුණා
කුරහන් සීපද බිඳුණා
නැව්ගල කන්දෙන්
වට පිණි වැස්සෙන්
තුන්සිත කඳුළින් තෙමුණා

අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා

වැවේ ඉහත්තේ වන හේඩාවේ
පන් කුකුළන් මුර ගෑවා
දරු පැටවුන් සමගින් මා ගම්දොර
තල මල සේ තනි වූවා

අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andara Lande Song Lyrics - අන්දර ලන්දේ ගීතයේ පද පෙළ Andara Lande Song Lyrics - අන්දර ලන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment