Watapita Balan Inna Hamatama Wadala Song Lyrics - වටපිට බලන් ඉන්න හැමටම වැඳලා ගීතයේ පද පෙළ

Watapita Balan Inna Hamatama Wadala Song Lyrics - වටපිට බලන් ඉන්න හැමටම වැඳලා ගීතයේ පද පෙළ

Watapita Balan Inna Hamatama Wadala Song Lyrics - වටපිට බලන් ඉන්න හැමටම වැඳලා ගීතයේ පද පෙළ
Song Title : Watapita Balan Inna Hamatama Wadala (වටපිට බලන් ඉන්න හැමටම වැඳලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව : ප්‍රියා සූරියසේන
මේ ගීය බොහෝ දෙනෙකු විසින් පසුව ගයා තියෙනවා. එනිසාම ගැයෙන්නේ මුල් රචනය නොවෙයි.( හදිසි හෘදයාබාධයකට ගොදුරු වීම හේතුවෙන් මේ ගීයත් තවත් විශාල සංඛ්‍යාවක් ගීතත් සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කළ හේමසිරි හල්පිට සහෝදරයා 2006 අප්‍රේල් 28 වැනිදා සවස සදහටම අපෙන් සමුගෙන ගියේ ය.)



වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
රැඟුමන් මෙන්න අපනේ සතුටක් ගෙනෙනා
වරදක් වුනොත් අපිට සමාව ඕනා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

දිලිඳුන් තුටින් ඉඳියි ලොව සුව විඳලා
නිරිඳුන් දුකින් ඉඳියි සැනසුම පතලා
දෙපිලක් බෙදී මෙසේ ඇයි කල් ගෙවලා
කවුරුත් එකා වගේ ඉමු සුව සොයලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

රසවත් සින්දු කියල මසුරන් සොයනා
දුප්පත් කමින් ලෝකෙ අපි අද තැවෙනා
උන්නත් නැතත් අපිත් සතුටින් නැටුවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා //


මෙන්න මුල් රචනය

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
හැඟුමන් මෙන්න අපේ සතුටක් ගෙනෙනා
වරදක් වුනොත් අපිට සමාව ඕනා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

කවදත් ඔබට මෙහෙම ගයමින් රඟනා
කොතනත් හමුවෙනවා මේ අපි දෙන්නා
දුප්පත්කම නිසාම රට වට යනවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

දිලිඳුන් හිතින් තැවෙයි පැරදුම ලබලා
නිරිඳුන් සුවෙන් ඉඳියි සැනසුම ලබලා
වෙනසක් කිමද මෙසේ දෙපිලක් බෙදිලා
කවුරුත් එක බැම්මෙන් ඉමු අපි බැඳිලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා

උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Watapita Balan Inna Hamatama Wadala Song Lyrics - වටපිට බලන් ඉන්න හැමටම වැඳලා ගීතයේ පද පෙළ Watapita Balan Inna Hamatama Wadala Song Lyrics - වටපිට බලන් ඉන්න හැමටම වැඳලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment