Wana Siwupawun Song Lyrics - වන සිව්පාවුන් ගීතයේ පද පෙළ

Wana Siwupawun Song Lyrics - වන සිව්පාවුන් ගීතයේ පද පෙළ
Song Title : වන සිව්පාවුන් (Wana Siwupawun)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
"රේඛා" ටෙලිනාටකයේ ගීතයක්


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන් //

වල් මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

කඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන
මුවගේ හසරැල් රඳවා
තුටු කඳුලින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Siwupawun Song Lyrics - වන සිව්පාවුන් ගීතයේ පද පෙළ Wana Siwupawun Song Lyrics - වන සිව්පාවුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment