Kandule Thaniwee Song Lyrics - කඳුලේ තනිවී ගීතයේ පද පෙළ


Song Title : Kandule Thaniwee (කඳුලේ තනිවී)
ගායනය : රාජු බණ්ඩාර, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක


කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

සඳපානේ රෑ යාමේ
සඳකැල්මක් සේ
ආලෝකේ පෑවාදෝ
ඔබ ළංවීලා //
සැනසී මේ ආලෝකේ
සඳ කැල්මක් සේ
පෑවා පෑවා
පෑවා පෑවා

කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

මල් යායේ ගී රාවේ
මත් බඹරුන්ගේ
මේ යාමේ පාවේවී
රැව් නැංවීලා //
නොඇසූ ඒ ගී රාවේ
රස රහසක් සේ
පාවී ආවා
පාවී ආවා

කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandule Thaniwee Song Lyrics - කඳුලේ තනිවී ගීතයේ පද පෙළ Kandule Thaniwee Song Lyrics - කඳුලේ තනිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment