Sina Naganni Song Lyrics - සිනා නගන්නී ගීතයේ පද පෙළ

Sina Naganni Song Lyrics - සිනා නගන්නී ගීතයේ පද පෙළ
Song Title : Sina Naganni (සිනා නගන්නී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී

දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී

සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී

සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී

සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sina Naganni Song Lyrics - සිනා නගන්නී ගීතයේ පද පෙළ Sina Naganni Song Lyrics - සිනා නගන්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment