මහ රෑ ආ සලං සද්දේ (Salan Sadde)

මහ රෑ ආ සලං සද්දේ (Salan Sadde) - Your Choice Way

මම ඉස්සර පොඩි කාලෙ දෙවියො විශ්වාස කලේ නෑ..මම වැන්දේ සක් දෙවිදු සුමන සමන් දෙවියො හා සහම්පති බ්‍රහ්මරාජයට විතරයි.මගේ අප්පච්චි සුමන සමන් දේවාලෙත් වැඩ කරල තියෙනවා..මම නැති කාලෙ..ඊට පස්සෙ තමයි කතරගම මහ දේවාලෙ කපු මහත්තයෙක් වුනේ..මම එයාට හිනා වෙනවා කතරගම දෙවියන්ට හිස් 7ක් තියෙද්දි ඇගවල් 7ක් නැත්තෙ ඇයි කියලා.ගණ දෙවියන්ට හිනා වෙනවා.අපෙ අම්මා හුගාක් පින් කල කෙනෙක් .එයා හරියට දන් දුන්නා..නිතරම පන්සල් ගියා..කාටත් උදව් කරපු නිසා හැමෝගෙම ආදරය ලැබුවා..මීට කලින් ලියපු මහවෙදගේ දොං ප්‍රේමවතී කියන්නෙ ඇගේ අම්මා..ආච්චි අම්මා නැති වුනේ අවුරුදු 32න්..ඊට පස්සෙ ආපු කුඩම්මා අම්මට හුගක් වෙනස් කම් කලා.ඒත් උත්සහයෙන් අනිත් හැමෝටම වඩා අම්මා ගොඩක් දනවත් වුනා..වෙනස්කම් කරපු හැමෝටම උදව් කලා..කුඩම්මගෙ දුවගෙ දරුවො තුන්දෙනාටම අවුරුදු ගානක් තිස්සෙ පාසල් යන්න සියලුම දේ අරන් දුන්නෙ අම්මා...

අම්මා පත්තිනී මෑනියන්ට ගොඩක් ආදරෙයි..නිතරම නවගමුවෙ යනවා..මම අම්මා එක්ක ගියාට කවදාවත් දේවාලෙ ඇතුලට යන්නෙ නෑ...දවසක් සෝම හාමුදුරුවන්ගෙන් බණ අහල ඇවිත් මම ගෙදර තිබුනු සේරොම දේව රූප අයින් කරල දැම්මා.. සූනියම් දෙවියන්ගෙ පවා..

කාලය ගෙවිල ගියා..අම්මා හදිස්සියේම ලෙඩ වෙලා නැති වුනා..හරියට ආච්චි අම්මා වගේම අඩු වයසින්.අම්මා ලෙඩ වුනු වෙලාවෙ මම දෙවියන්ට පූජා තිබ්බා..අසරන වුනාම ඒ වගේ විශ්වාස නොකරන දේ පස්සෙ හරි දුවනවා...මට මහත් කලකිරීමක් ඇති වුනා..ගොඩාක් පින් කලත් හැම සතෙකුටම කන්න බොන්න දුන්නත් අම්මා නැති වුනානෙ..පින් කලාට වැඩක් නෑනෙ මට හිතුනා...මම ගෙදර පහන නැවැත්තුවා..එදා ඉදන් කවදාවත් පහන තිබ්බෙ නෑ..

මගේ අම්මගෙ මට උරුම ඉඩම අර කුඩම්මගෙ දුව අල්ලගෙන එයාටගෙ දුවට ගෙයක් හදල දුන්නා..ඒත් මම හොයන්න ගියේ නෑ..කපටි නෑයො ටික විතරක් අතහැරල දැම්මා.. ඒත් මට නැවත ප්‍රශ්නයක් එයාලගෙන් වුනා..නිහඩ ජලය ගැඹුරුයි වගේම භයානකයි..මාත් එහෙම තමයි වෙලාවකට..මට හොදටම කේන්ති ගියා.අවුරුදු තුනකට පස්සෙ එදා තමයි මම බුදු පහන පත්තු කලේ...ඊට පස්සෙ හිත එක තැනකට අරගෙන අනේ පත්තිනී මෑනියනෙ මට වරයක් දෙන්න මුන්ට හොද පාඩමක් උගන්වන්න..කියලා හිතුව විතරයි..මගේ ඇග සීතල වෙලා ගියා..ඊට පස්සෙ මට මතක කට්ටිය මාව වටකරගෙන වතුර ඉහිනවා විතරයි..ඒ අතර කලෙදි මම පිරිත් කියලා ගෙදර හැමෝටම සෙත් කරලා සිහිය නැතුව වැටිලා....

අම්මගෙ කට හඩින් කියල..ගෙදර බුදු පහන මට හැමදාම පත්තු කරන්න කියන්න කියලා..සිල් ගන්න ..නැති බැරි අයට දන් දෙන්න කියලා...

ඔන්න කට්ටිය දැන් මම ගැන සාත්තර අහන්න ගිහිල්ලා..එතනින් වරමක් කියලා..මට දෙහි කපලා නවගමු දේවාලෙ අරන් ගියා.යන ගමන් සලං දෙකකුත් අරන් ගියේ..අම්ම නැති දුකට මලා වගේම හිටිය නිසා කට්ටිය එහෙම කරන්නෙ ඇත්තෙ..නවගමු දේවාලෙ කපු මහත්තයා අර සලං දෙක වෙනුවට මට දේවාලෙ ඇතුලෙ තිබුනු පේ වුනු සලං දෙකක් දීලා ආශිර්වාද කලා..ගෙදර එන කොට ඒ සලං දෙක එලියෙ පහන් පැලෙන් තමයි තිබ්බෙ..ඒත් මම දෙවියො ගැන භක්තියක් නෑ..දිගටම බුදුන් වදින්න ගත්තා...එදායින් පස්සෙ අම්මා හීනෙන්වත් දැක්කෙ නෑ...

යාලුවෙකුගෙ මුද්දක් නැති වුනා..සාත්තර අත්හදා බලන්නත් එක්ක ඒක හොයමු කියල හිතල මල් ටිකක් ටීපෝ එක උඩින් තියල පහනක් පත්තු කරල අර සලං දෙක අරන් මම දැන් බලන් ඉන්නවා වරම් එනකම්..11.30 වෙනකම් බැලුවා..මොකුත් වරමක් ආවෙ නෑ..ඉතින් මම හිනා වුනා..දැක්කනෙ මම කිව්වෙ මේව බොරු වැඩ වරම් කියල දෙයක් නෑ..කොටින්ම කිව්වොත් පත්තිනී මෑනියො කියල දෙවි කෙනෙකුත් නෑ.කියල දෙවියන්ටත් බැනල නිදා ගන්න ගියා..මම එදා වරයක් ඉල්ලුවෙ කේන්තියට මිසක් වුවමනාවකට නෙවෙයි...

එක පාරටම ගෙදර බල්ලා හයියෙන් බුරන සද්දෙට මාව ඇහැරුනා..ඒත් එක්කම කවුද ඌට ගැහුව වගේ කෙදිරි ගාල නිහඩ වුනා..බල්ල හිටියෙ කුස්සියෙ.ඒත් එක්කම සාලෙන් සලං සද්දෙ හෙමින්..හෙමින් පටන් අරන් මහ සද්දෙන් ඇහෙන්න ගත්තා..මම හොදටම බය වුනා..අයියව ඇහැරවලා..ඔයාට මොනවා හරි ඇහෙනවද කියලා ඇහුවා..සලං සද්දෙ නේද..අයිය ඇහුවම මම තවත් බය වුනා..ඒ සද්දෙ ටික ටික අපේ කාමරේ ඉස්සරහට ඇවිත් ටික වෙලාවක් සද්ද වුනා..කාමර වල දොර වහල තියෙන්නෙ..අනිත් දෙන්න ඇහැරුනේම නෑ..එයාල පොඩි වයසෙ හිටිය නිසා බයවෙයි ඇහුනනම්..කාමරේ ලගින් සියබලා ගහ පැත්තට ගිහින් ඒ සද්දෙ නැති වලා ගියා..අපි හොදටම බය වුනා..එලිවෙනකම් නින්ද ගියේ නෑ..නින්ද ගියොත් බය වෙනවා...

උදෙන්ම දුවල ගිහින් බැලුවා සලං දෙක...මම වීසි කරපු විදිහට ම තිබුනා..අරන් ගිහින් එලියෙන් තිබ්බා..එදා ඉදන් පත්තිනී මෑනියො විශ්වාස කරනවා...මේ කතාවෙන් පස්සෙ මම හොරණ කිරි අම්මා වුනා...පරන විදිහටම තමයි කිරි දාන කරන්නෙ..පාන්දර 2..ඉදන් 5 වෙනකම්...

මට මිනිස්සුන්ගෙ ආදරය ගොඩක් ලැබුනා...මමත් දැන් අම්මා වගේම පින් කරනවා..ඊට පස්සෙ දවසකත් අපේ ගෙදර 2 විතර සලං සද්දෙ ඇහිල තියෙනවා උඩ ගෙදර අයට..අපි එදා නිදාගෙන තියෙන්නෙ දොරවල් සේරොම ඇරල දාල...අද වෙනතුරු ආයෙත් ඇහුනෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහ රෑ ආ සලං සද්දේ (Salan Sadde) මහ රෑ ආ සලං සද්දේ (Salan Sadde) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment