Rajakam Keruwath Song Lyrics - රජකම් කෙරුවත් ගීතයේ පද පෙළ

Rajakam Keruwath Song Lyrics - රජකම් කෙරුවත් ගීතයේ පද පෙළ
Song Title : Rajakam Keruwath (රජකම් කෙරුවත්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර ගේ හෝ නිහාල් ඒ. ජයසිංහ යන දෙදෙනාගෙන් කෙනෙකුගේය.
සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
"ඔහොම හොඳද" චිත්‍රපටියේ ගීයකි.
1965 දී තිරගත "එංග වීට්ටු පිල්ලෙයි"  (Enga Veettu Pillai) ද්‍රවිඪ චිත්‍රපටියට, ටී.එම්. සෞන්දරරාජා විසින් ගයන ලද "නාන් අනෙයි ඉත්තල්" .("Naan Anai Ittal") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

බැරි වෙනවා
සවි බල යනවා
දුගියා අසරණයා වේ
මේ තැලෙන එකා
තව තලන යකා
නොතබමි ලෝකේ මා ඉන්න තුරා //

රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

සවි බලය නැතී
පිරිවර නොමැතී
රජිඳා සටනින් පැරදී
හොඳ හිත ලෝකේ ජය අභිෂේකේ
බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ //

රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajakam Keruwath Song Lyrics - රජකම් කෙරුවත් ගීතයේ පද පෙළ Rajakam Keruwath Song Lyrics - රජකම් කෙරුවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment