Peni Wehena Katha Song Lyrics - පැණි වෑහෙන කතා ගීතයේ පද පෙළ

Peni Wehena Katha Song Lyrics - පැණි වෑහෙන කතා ගීතයේ පද පෙළ
Song Title : Peni Wehena Katha (පැණි වෑහෙන කතා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ පුෂ්පරාණී ආරියරත්න
පද : සරත් විමලවීර
තනුව : ආර්. මුත්තුසාමි
1960 දී තිරගත "නළඟන" චිත්‍රපටියේ ගීයකි.


පැණි වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන සිත සිතා
ඉන්නද කා පතා //

උපමාවක් නැගෙයි
ගැලපේවිද සැකයි
කිරි මුහුදයි හඳයි
පරදී සහතිකයි //

බැරිදේ බැහැ කියා
නොකියා කියනවා
කවුරුත් පණ ඇතී
ගැහැණුන් ගැන දනී

පිරිමින්ගේ හැටි තමා
බැරිවුනදා නැත සමා //

හිවලයි මිදි වාගේ
සිහියට නැගෙනවා //

තව හැඩ දාලා
උපමා ගේනවා
මිනිහා සූරයා
බැලුවම පේනවා

පැණි වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන සිත සිතා
ඉන්නද කා පතා //

උපමාවක් නැගෙයි
ගැලපේවිද සැකයි
කිරි මුහුදයි සඳයි
පරදී සහතිකයි //

උපමා කිය කියා
හිටියා ඇති ම‍ෙයා
මේ හැටි ඇයි පමා
යන්නද මා දමා

පෙර කාලේ හිටි අපේ
මුත්තන්ගේ කීමකී //

හිත ගිය තැන සෑදේ
නිර්වානේ ඉබේ //

හරි යන දීගේ
දැන් නේ පෑදුණේ
ඔව් අපි ජීවිතේ
ගෙන යමු හාමතේ

පැණි වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන හිත හිතා
ඉන්නද කා පතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Peni Wehena Katha Song Lyrics - පැණි වෑහෙන කතා ගීතයේ පද පෙළ Peni Wehena Katha Song Lyrics - පැණි වෑහෙන කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment