Me Uyan Kone Song Lyrics - මේ උයන් කොනේ ගීතයේ පද පෙළ

Me Uyan Kone Song Lyrics - මේ උයන් කොනේ ගීතයේ පද පෙළ
Song Title : Me Uyan Kone (මේ උයන් කොනේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : සමන් කුඹුකගේ
ගී පද : ප්‍රියානන්ද විජේසුන්දර


මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

සිනා රොදක් නැතේ කඳුල මා වටා එතේ
වලාපෙලින් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර නැතී

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Uyan Kone Song Lyrics - මේ උයන් කොනේ ගීතයේ පද පෙළ Me Uyan Kone Song Lyrics - මේ උයන් කොනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment