Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Palu Sitha Rathriye (මේ පාළු සීත රාත්‍රියේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය :  : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : සමන් කුඹුකගේ


මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා //

නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස් තලේ

සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් මිදී

පිණි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් මෙයයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment