Mage Dinapothehi Song Lyrics - මගේ දිනපොතේහි ගීතයේ පද පෙළ

Mage Dinapothehi Song Lyrics - මගේ දිනපොතේහි ගීතයේ පද පෙළ
Song Title : Mage Dinapothehi (මගේ දිනපොතේහි)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ //
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ //
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Dinapothehi Song Lyrics - මගේ දිනපොතේහි ගීතයේ පද පෙළ Mage Dinapothehi Song Lyrics - මගේ දිනපොතේහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment