Mahanuwarayi Gama Song Lyrics - මහනුවරයි ගම ගීතයේ පද පෙළ

Mahanuwarayi Gama Song Lyrics - මහනුවරයි ගම ගීතයේ පද පෙළ

Mahanuwarayi Gama Song Lyrics - මහනුවරයි ගම ගීතයේ පද පෙළ
Song Title : Mahanuwarayi Gama (මහනුවරයි ගම)
ගායනය : ලිලන්ති කරුණානායක සහ ක්ලැරන්ස් විජේවර්ධන
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනු : ක්ලැරන්ස් විජේවර්ධන


කිසිම තැනක දෙවැනි නොවන හරිම ඉහළ නම
ලොව පරසිදු මහනුවරයි මගේ උපන් ගම //

ලොව හැම තැන කා අතරත් කියැවෙන හොඳ නම
සිරිලක් දිව අගනගරය කොළඹය මගෙ ගම

මහ නිමැවුම් මහ කම්හල් සුවිසල් මන්දිර
නයන පිනන මහ සමුදුර නැත මහනුවර

කඳු ගංගා කෙත් වතු මල් ගොමු සුව පිරුණු
මේ විසිතුරු කොළඹ කොහේ ඇත්දැයි කියනු

රජ සබයත් ගුවන්තොටත් වරායත් අපේ
කොළඹ මිසක් නුවරට එය යයිද මේ කපේ

හිත සුවදෙන රටටම සළසන රැකවරණේ
මහනුවරයි දළදා සමුඳුන් වැඩ ඉන්නේ

කොළඹ නුවර වෙනස් කමක් මොටද සොයන්නේ
කොතැන වුනත් එකම රටේ නොවැ අපි ඉන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahanuwarayi Gama Song Lyrics - මහනුවරයි ගම ගීතයේ පද පෙළ Mahanuwarayi Gama Song Lyrics - මහනුවරයි ගම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment