Kiri Ammawaru Danata Wadinawa Song Lyrics - කිරි අම්මාවරු දනට වඩිනවා ගීතයේ පද පෙළ

Kiri Ammawaru Danata Wadinawa Song Lyrics - කිරි අම්මාවරු දනට වඩිනවා ගීතයේ පද පෙළ
Song Title : Kiri Ammawaru Danata Wadinawa (කිරි අම්මාවරු දනට වඩිනවා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හෙක්ටර් විජේසිරි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා

නැත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා

නුඹගෙන්  දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Ammawaru Danata Wadinawa Song Lyrics - කිරි අම්මාවරු දනට වඩිනවා ගීතයේ පද පෙළ Kiri Ammawaru Danata Wadinawa Song Lyrics - කිරි අම්මාවරු දනට වඩිනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment