බිම්මල් බැදුම හදමු (Bimmal Baduma Hadamu)

බිම්මල් බැදුම හදමු (Bimmal Baduma Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට කියලා දෙන්න හිතුවෙ විශේෂ අවස්තාවකදි හදා ගන්න පුළුවන් රසවත් බිම්මල් රෙසිපි එකක්. මං මේක පොඩි ප්‍රමාණ වලින් දාලා තියෙන්නේ , ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරලා හදා ගන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 බිම්මල් 200g ක්
  • 🔸 පාන්පිටි හෝ කෝන්ෆ්ලාර් ටිකක්
  • 🔸 බිත්තර සුදුමද 1 ක්
  • 🔸 කොටු කපාගත් බී ලූනු ගෙඩි 1 ක්
  • 🔸 දිග අතට සිහින්ව ලියාගත් සුදුළූනු බික් 3ක්
  • 🔸 සිහින්ව ලියාගත් ඉඟුරු කැබැල්ලක්
  • 🔸 දිග අතට ලියාගත් අමු මිරිස් කරල් 2 ක්
  • 🔸 සිහින්ව ලියාගත් රතු ළූනු ගෙඩි 2 ක්
  • 🔸 කරපිංචා ටිකක්
  • 🔸 කුරුඳු පොතු කැබැල්ලක් සහ රම්පෙ කැබැල්ලක්
  • 🔸 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
  • 🔸 කහ කුඩු ස්වල්පයක්
  • 🔸 අබ ඇට තේ හැඳි 1/2 ක්
  • 🔸 සීනි තේ හැඳි 1 ක්
  • 🔸 විනාකිරි මේස හැඳි 1 ක්
  • 🔸 දෙහි යුශ ටිකක්
  • 🔸 සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 2 ක්
  • 🔸 එලවලු තෙල් හෝ පොල් තෙල්
  • 🔸 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔶 මුලින්ම බිම්මල් දිග අතට ඉරා සෝදා වතුර මිරිකා ගන්න.
  2. 🔶 දැන් බිම්මල් වලට ලුනු කුඩු,කහකුඩු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර ටික වෙලාවක් තබා වතුර මිරිකා ගන්න.
  3. 🔶 වතුර ඉවත් කර ගත් බිම්මල් වලට බිත්තර සුදුමදය දමා හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🔶 දැන් නන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් දමා රත් කරන්න.
  5. 🔶 බිත්තර සුදුමද තවරා ගත් බිම්මල් වල කෝන්ෆ්ලාර් හෝ පාන්පිටි දවටා රත්වූ තෙලට දමා දෙපැත්ත රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  6. 🔶 බැදගත් බිම්මල් තෙල් ඉවත් වීම සඳහා පිරිසිදු කඩදාසියක් මතට දමන්න.
  7. 🔶 දැන් වෙනත් භාජනයක් ලිප තබා තෙල් මේස හැන්දක් පමණ දමා රත් කරන්න.
  8. 🔶 රත් වූ තෙලට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  9. 🔶 එයට සුදුලූනු, අමු ඉඟුරු , රතු ලූනු, රම්පෙ, කරපිංචා ,කුරුඳු පොතු සහ කපාගත් මිරිස් කෑලි එකතු කර තෙම්පරාදු කර ගන්න.
  10. 🔶 දැන් එයට බී ලූනු එකතු කරන්න.
  11. 🔶 පසුව කෑලි මිරිස්, ලුනුකුඩු සහ කහ කුඩු ටිකක් එකතු කරන්න.
  12. 🔶 සීනි සහ විනාකිරි ද එකතු කර හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් පිස ගන්න.
  13. 🔶 අවසානයට බැදගත් බිම්මල් එකතු කරන්න , දෙහි යුශ ද එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.
ඔන්න එහෙනම් හදලා ඉවරයි 😍 සුවඳටම කන්න ආස හිතෙයි 😋 ඔයාලත් හදලා රස කියන්නකෝ 

හෙළයේ රස මිහිර
බිම්මල් බැදුම හදමු (Bimmal Baduma Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිම්මල් බැදුම හදමු (Bimmal Baduma Hadamu) බිම්මල් බැදුම හදමු (Bimmal Baduma Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment