Nila Nuwan Yuga Song Lyrics - නීල නුවන් යුග ගීතයේ පද පෙළ

Nila Nuwan Yuga Song Lyrics - නීල නුවන් යුග ගීතයේ පද පෙළ
Song Title : Nila Nuwan Yuga (නීල නුවන් යුග)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ //

ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ
තනි වී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා //

ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ
තනි වී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ     
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nila Nuwan Yuga Song Lyrics - නීල නුවන් යුග ගීතයේ පද පෙළ Nila Nuwan Yuga Song Lyrics - නීල නුවන් යුග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment