Eda Medathura Song Lyrics - එදා මෙදාතුර ගීතයේ පද පෙළ

Eda Medathura Song Lyrics - එදා මෙදාතුර ගීතයේ පද පෙළ
Song Title : Eda Medathura (එදා මෙදාතුර)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
රචනය : විමල් ජයශාන්ත
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
‍මේ ගී‍යේ පද රචනය විමල් ජයශාන්ත ‍ගේ යැයි ගීය ඇතුළත් “ඇවිළුණු ගිනි දැල්“ කැසට් පට‍යේ සඳහන් ‍වේ. සැබැවින්ම ‍මෙය විමල් ජයශාන්ත මහතා ජීවිත‍යේ අත්විඳි සැබෑ ‍ශෝකී ‍වේදනාබර අවස්ථාවකි. ඔහු‍ගේ ‍පෙම්වතිය මිය ගියාය. ඔහු තම ‍වේදනාව පද වැලකට ගෙතු‍‍වේය. ඒ ‍ගේය පද රචනාවක් ‍ලෙස ‍සිතිවිල්ලක් ‍හෝ ඇතිව නො‍වේ.සනත් නන්දසිරි මහතා ‍මෙය ගුවන් විදුලි‍යේ තම සරල ගී වැඩසටහනකට ගයන්නට තීරණය ක‍ළේය. ‍මෙය ‍ගේය පද රචනයක් ‍ලෙස සැකසු‍ණේ එතනැදීය.මා දන්නා පරිදි ‍කොළ එකහමාරක පමණ ලියැවුණු ශෝකාවලිය ගීයක් වූ‍‍යේ එ‍‍ලෙසිණි.පසු කළෙක මේ ගීය සිංග් ලංකා සමාගම නිෂ්පාදනය කළ "ඇවිළුණු ගිණිදැල්" කැසට් පටයට ද එක් කරණ ලදී. (1975 සැප් 19)


එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Medathura Song Lyrics - එදා මෙදාතුර ගීතයේ පද පෙළ Eda Medathura Song Lyrics - එදා මෙදාතුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment