Dinen Dina Oba Ma Wethin Song Lyrics - දිනෙන් දින ඔබ මා වෙතින් ගීතයේ පද පෙළ

Dinen Dina Oba Ma Wethin Song Lyrics - දිනෙන් දින ඔබ මා වෙතින් ගීතයේ පද පෙළ
Song Title : Dinen Dina Oba Ma Wethin (දිනෙන් දින ඔබ මා වෙතින්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්

මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්

ඔබේ හසරැළි සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinen Dina Oba Ma Wethin Song Lyrics - දිනෙන් දින ඔබ මා වෙතින් ගීතයේ පද පෙළ Dinen Dina Oba Ma Wethin Song Lyrics - දිනෙන් දින ඔබ මා වෙතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment