Ada Andure Ma Song Lyrics - අඩ අඳුරේ මා ගීතයේ පද පෙළ

Ada Andure Ma Song Lyrics - අඩ අඳුරේ මා ගීතයේ පද පෙළ
Song Title : Ada Andure Ma (අඩ අඳුරේ මා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


අඩ අඳුරේ මා දෙනෙත් කවුළු හැර
අලසව නැගිටී තනි යහනේ
ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි
මුළු ලොව නිසලව නිදන වෙලේ

දහසක් කවි කල්පනා මගේ
සිතෙහි එවිට පිළිසිඳී තිබේ
එතකුදු ඔබ සිහිනෙක දැවටී
නින්ද සමඟ යහනට ඇවිදින්

අළුයම බොල් පිණි තැවරී තෙත්වුණු
අඳුරේ සීතල සළුව යටින්
හොරෙන් හොරෙන් ඔබ යනවිට ඒ හඬ
කෙමෙන් මට නෑසී යයි

නිදිමත පලවා දෙනෙත් කවුළු හැර
ඔබ සොයනා මට ඔබ නොපෙනේ
දහසක් කවි කල්පනා මගේ
හදෙහි යළිත් පිළසිඳී තිබේ

අඩ අඳුරේ මා දෙනෙත් කවුළු හැර
අලසව නැගිටී තනි යහනේ
ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි
මුළු ලොව නිසලව නිදන වෙලේ

හා... හා හා හ හා.......
හා... හා හා හ හා.......
හ්ම්.. හ්ම් ම් ම් ම්......
හ්ම්.. හ්ම් ම් ම් ම්......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Andure Ma Song Lyrics - අඩ අඳුරේ මා ගීතයේ පද පෙළ Ada Andure Ma Song Lyrics - අඩ අඳුරේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment