Adara Samarum Song Lyrics - ආදර සැමරුම් ගීතයේ පද පෙළ

Adara Samarum Song Lyrics - ආදර සැමරුම් ගීතයේ පද පෙළ
Song Title : Adara Samarum (ආදර සැමරුම්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ //
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

දහසක් මිණි මල් ලියකම්
පෙම පිදු වූ රන් කැටයම් //
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා //
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ //
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
යමුනා තීරේ
යමුනා තීරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Samarum Song Lyrics - ආදර සැමරුම් ගීතයේ පද පෙළ Adara Samarum Song Lyrics - ආදර සැමරුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment