Anantha Wu Derana Sara Song Lyrics - අනන්ථ වූ දෙරණ සරා ගීතයේ පද පෙළ

Anantha Wu Derana Sara Song Lyrics - අනන්ථ වූ දෙරණ සරා ගීතයේ පද පෙළ
Song Title : Anantha Wu Derana Sara (අනන්ථ වූ දෙරණ සරා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : සුගතපාල සෙනරත් යාපා
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හන්තානේ කතාව චිත්‍රපටියෙන්


අනන්ථ වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා

අහස් ගව්ව නැග ගත්තේ
නිල්ල දකින්නයි

ගලක ගලන සිඟිති දොලක
සිහිල විඳින්නයි
ගසක වෙලෙන සිහිනි වැලක
පහස ලබන්නයි

වේදනාවෙ තෙත මීදුම
දෑත විදා උඩ නැගිලා
එබී බලන සහන් එළිය
වසා දිවෙනවා
දිවෙනවා
සදාතනික සිහින ලොවක
මා තනි වෙනවා
පැතූ පැතුම අනන්ථයට
ඉගිලී යනවා

වහස් බැලුම් අඳු නෙත ගා
දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කවුළු දොරින්
දොරට වඩින්නේ
මා වට කොට ආදරයේ
රටා වියන්නේ

සඳුන් කළල දෙතොල් විතක
නුරා පොවන්නේ //
නුරා පොවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anantha Wu Derana Sara Song Lyrics - අනන්ථ වූ දෙරණ සරා ගීතයේ පද පෙළ Anantha Wu Derana Sara Song Lyrics - අනන්ථ වූ දෙරණ සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment