Tharuka Pelin Eha Song Lyrics - තාරුකා පෙළින් එහා ගීතයේ පද පෙළ

Tharuka Pelin Eha Song Lyrics - තාරුකා පෙළින් එහා ගීතයේ පද පෙළ
Song Title : Tharuka Pelin Eha (තාරුකා පෙළින් එහා)
ගායනය : අතුල අධිකාරි සමගින් සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : අතුල අධිකාරි


තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහිං හිඳින්නෙලූ

ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලූ
ආදරේ කුමාරි හා

කඳු නිමිනේ අපි දෙන්නා තනිවීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ
සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලූ
ආදරේ කුමාරි හා
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමු දෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැඳෑව මේ
සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහිං හිඳින්නෙලූ

ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලූ

එහේ ගිහිං හිඳින්නෙලූ
එහේ හිඳින්න එන්නලූ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuka Pelin Eha Song Lyrics - තාරුකා පෙළින් එහා ගීතයේ පද පෙළ Tharuka Pelin Eha Song Lyrics - තාරුකා පෙළින් එහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2022 Rating: 5

0 comments:

Post a Comment