Rosa Puraneta Song Lyrics - රෝස පුරාණෙට ගීතයේ පද පෙළ

Rosa Puraneta Song Lyrics - රෝස පුරාණෙට ගීතයේ පද පෙළ
Song Title : Rosa Puraneta (රෝස පුරාණෙට)
ගායනය : සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද : ජෝජ් රොබ්සන් ද සිල්වා
තනුව : අතුල අධිකාරී


රෝස පුරාණෙට මධු සඳ පායන 
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් 
මල්සර සිතිවිලි පිපුණා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත 
ආදර හැඟුමින් පිරුණා

මල්සර කුමරුනි දිනය උදාවුණි 
එකම ලොවක අප රැඳෙනා
මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය 
එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර 
ඔබ තුරුලේ මා රැඳුණා

ජීවතේ පැතුම් පුරන්න
මා ළඟින් රැඳෙන්න ඉන්න
සිහින සැබෑ වෙනවා
මල් වසන්තයේ හිඳින්න
මා ළඟින් සුවේ ලබන්න
දිවියම සැනසෙනවා

මධු සඳ හිනැහෙනවා
දෙසිතම සැනසෙනවා

රෝස පුරාණෙට මධු සඳ පායන 
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් 
මල්සර සිතිවිලි පිපුණා
සුව මිහිර විඳින්නට කුමටද අවසර 
ඔබ තුරුලේ මා රැඳුණා

වාසනා ලබන්න ඔන්න
ආදරෙන් ළඟින්ම ඉන්න සොඳුරු ප්‍රියාදරියේ
මා වෙතින් දුරස් නොවන්න
ආදරෙන් සදා හිඳින්න දිවියම සැනසෙන්නේ

සෙනෙහස පුද දෙනවා
සඳ තරු දිවුරනවා

රෝස පුරාණෙට මධු සඳ පායන 
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් 
මල්සර සිතිවිලි පිපුණා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත 
ආදර හැඟුමින් පිරුණා

මල්සර කුමරුනි දිනය උදාවුණි 
එකම ලොවක අප රැඳෙනා
මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය 
එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර 
ඔබ තුරුලේ මා රැඳුණා
ආදර හැඟුමින් පිරුණා
ඔබ තුරුලේ මා රැඳුණා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Puraneta Song Lyrics - රෝස පුරාණෙට ගීතයේ පද පෙළ Rosa Puraneta Song Lyrics - රෝස පුරාණෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2022 Rating: 5

0 comments:

Post a Comment