Siri Daru Heladiwa Purathane Song Lyrics - සිරි දැරු හෙළදිව පුරාතනේ ගීතයේ පද පෙළ

Siri Daru Heladiwa Purathane Song Lyrics - සිරි දැරු හෙළදිව පුරාතනේ ගීතයේ පද පෙළ
Song Title : Siri Daru Heladiwa Purathane (සිරි දැරු හෙළදිව පුරාතනේ)
ගායනය : ලතා මංගෙස්කාර්
ගී පද : ආනන්ද සමරකෝන්
තනුව : ආනන්ද සමරකෝන්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1955 වසරේදී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටයට නිර්මානය වූ ගීයකි.


ශ්‍රී... ලංකා (හා හා හා... හා.. හා..)
මා ප්‍රියාදර ජය භූමී (හා හ හා හ හා)
ජය භූමී (හා හ හා හ හා)
ජය භූමී (හා හ හා හ හා)
ශ්‍රී ලංකා ....

හෝ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ..

සිරි දැරු හෙළදිව පුරාතනේ ... (ඒඑ ඒඑ ඒ....)

සිරි දැරු හෙළදිව පුරාතනේ
ජයකොඩි නැංවූ වීර විකුමැති මා
රම්‍ය දරුවනේ
කෝ අනේ
අද දිනේ
කිම උනේද දරුවනි අහො

කෝ අනේ (ආ ආ)
අද දිනේ (ආ ආ)
කිම උනේද දරුවනි අහො
නෑ පෙනෙන්ට කිසි තැනේ //
කොහි ගියේ ද මා දමා
පෙම්බර මා පැටවුනේ //

හොඔඕ ඔඔඕ හොඔඕ ඔඔඕ ඕඕ ඕඕ හොඔඕඕඕ ඕ.....

ලකඹර ජය කෙහෙළි නඟා
සැමට සුසිරි සෙත සදා (අ අ ආ ආ ආ අ ආ)

ඕ... ලකඹර ජය කෙහෙළි නඟා
සැමට සුසිරි සෙත සදා
කර ශ්‍රී සෞභාග්‍ය ළඟා
ගියෙ ඇයි මා දුකෙහි දා

කෝ අනේ (ආ ආ)
අද දිනේ (ආ ආ)
කිම උනේද දරුවනි අහො (ආ ආ ආ)
කෝ අනේ (ආ ආ)
අද දිනේ (ආ ආ)
කිම උනේද දරුවනි අහො (ආ ආ ආ)
නෑ පෙනෙන්ට කිසි තැනේ //
කොහි ගියේ ද මා දමා
පෙම්බර මා පැටවුනේ //

අඅආ අඅආ  අඅආ අඅආ ආඅ ආඅ  ආආආ ආ..
ආ.... ආ.... ආ....
ආ අ ආ අ ආ
ඕ ඔඕඔ ඕඔඕඔ ඔඕඔ ඕ..//
දන අද දුක'ඳුරෙහි ගිලී
ඇයි මේ ලෙස දිළිඳු වී
ඕඔඕඔ ඔඕඔ ඕ.. //

දන අද දුකඳුරෙහි ගිලී
ඇයි මේ ලෙස දිළිඳු වී
ඇසැර බලව් හිඳ අවදිව
ලක යයි පිරිහී

ඇසැර බලව් හිඳ අවදිව
ලක යයි පිරිහී
හෝ...
සැහැසි ක්‍රියා නිතර කෙරෙතී //
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මෙ මර නින්දේ අද
එනු එනු පිබිදී ..
එනු එනු පිබිදී ..
එනු එනු පිබිදී .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Daru Heladiwa Purathane Song Lyrics - සිරි දැරු හෙළදිව පුරාතනේ ගීතයේ පද පෙළ Siri Daru Heladiwa Purathane Song Lyrics - සිරි දැරු හෙළදිව පුරාතනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment