Mata Mathakayi Oba Song Lyrics - මට මතකයි ඔබ ගීතයේ පද පෙළ

Mata Mathakayi Oba Song Lyrics - මට මතකයි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Mata Mathakayi Oba (මට මතකයි ඔබ)
ගායනය : හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි
පද : දයා ද අල්විස්
තනුව : හෙක්ටර් සිල්වා


මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ //

වත්සුණු තවරා කව්ළුව අතරින් //
හිස පොවලා දවසක්දා
මතකයි අත වැනුවා

අත්තල හඬගා මහ මඟ කුරගා //
ඔබ යද්දී දවසක්දා
මතකයි අත වැනුවා

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ

දිය සුළි නැඟිලා වෙරළට එද්දී //
බෙලි කටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා

සසරේ පෙර දා වරම් ලැබූ ලෙස //
බෙල්ලකු වී සඟවාලා
මම ඔබඉ රැක ගත්තා

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Mathakayi Oba Song Lyrics - මට මතකයි ඔබ ගීතයේ පද පෙළ Mata Mathakayi Oba Song Lyrics - මට මතකයි ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment