Mage Gawata Heena Genalla Song Lyrics - මගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළ

Mage Gawata Heena Genalla Song Lyrics - මගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළ

Mage Gawata Heena Genalla Song Lyrics - මගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළ
Song Title : Mage Gawata Heena Genalla (මගේ ගාවට හීන ගෙනල්ලා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා සහ නිරෝෂා විරාජනී
සංගීතය : ජගත් රැස්නායක
පද රචනය : ජගත් රැස්නායක


මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා

කෝල ඇස් නුඹේ මගේ කියලා
රෝස තොල්පෙති මත ලියලා
පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා
ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා
දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

රෑට සුපිපෙන මල් ගොතලා
නීල දෙනුවන් සරසවලා
ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා
තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා
මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Gawata Heena Genalla Song Lyrics - මගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළ Mage Gawata Heena Genalla Song Lyrics - මගේ ගාවට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment