Hanthana Kanduwatiya Song Lyrics - හන්තාන කඳුවැටිය ගීතයේ පද පෙළ

Hanthana Kanduwatiya Song Lyrics - හන්තාන කඳුවැටිය ගීතයේ පද පෙළ
Song Title : Hanthana Kanduwatiya (හන්තාන කඳුවැටිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්

සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද

එදා අප පෙම් වදන්
දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා

හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්

සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද

මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යළි යළිත් මතකයට නැඟෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කළත්
නෙතු අගට කඳුළු බිඳු නැඟෙනවා

හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්

සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthana Kanduwatiya Song Lyrics - හන්තාන කඳුවැටිය ගීතයේ පද පෙළ Hanthana Kanduwatiya Song Lyrics - හන්තාන කඳුවැටිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment